Home News Business ඔක්තෝබර් මාසයේදී ආනයන වියදම කැපීපෙනෙන ඉහලට

ඔක්තෝබර් මාසයේදී ආනයන වියදම කැපීපෙනෙන ඉහලට

207 views
SHARE

සංචාරක ඉපයීම් අඛණ්ඩව වර්ධනය වුවද, වෙළෙඳ හිඟය පුළුල්වීම හේතුවෙන් 2016 වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරීත්වයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

අපනයන ආදායම සුළු වශයෙන් වර්ධනය වුවද, ආනයන වියදම ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේදී වෙළෙඳ හිඟය පුළුල් වූ බව පෙන්වාදෙන මහ බැංකුව, වරාය නගර නිර්මාණ ව්‍යාපෘතියෙහි කැණීම් කටයුතු සඳහා භාවිත කරන යාත්‍රාවක් ආනයනය කිරීම මූලික කොටගෙන 2016 ඔක්තෝබර් මාසයේදී ආනයන වියදම කැපීපෙනෙන ලෙස වැඩිවී ඇති බවද පවසනවා.

මේ අතර, 2016 ඔක්තෝබර් මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සුළු වශයෙන් වැඩිවී ඇති අතර, සංචාරක ඉපැයීම්වල හිතකර වර්ධනයක් නිරීක්ෂණය කළ හැකි වූ බවද මහ බැංකුව පෙන්වා දෙනවා.

මේ අතර, කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත වූ ලැබීම් සහ රජය විසින් ලබාගත් දිගුකාලීන ණය මගින් ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම ශක්තිමත් වුවද, 2016 වසරේ ඔක්තෝබර් මාසයේදී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ පොළ වෙතින් ශුද්ධ ගෙවීමක් දැකිය හැකි වූ බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site