Home News Breaking ඇතින්නට වෙඩි තියු වනජීවි නිලධාරියාට මාරුවක්

ඇතින්නට වෙඩි තියු වනජීවි නිලධාරියාට මාරුවක්

392 views
SHARE

වගා ළිඳකට වැටී සිටි වන අලි 4 දෙනෙකු ගොඩට ගැනීමට යාමේදී වෙඩි ප්‍රහාරයකින් ඇතින්නක් මියයාමේ සිද්ධියට සම්බන්ධ බව කියන වනජීවී නිලධාරියා අනුරාධපුරය වනජීවී කාර්යාලයට මාරුකර යවා තිබෙනවා.

තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා කියා සිටියේ මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ නිලධාරීන් කණ්ඩායමක් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මේ අතර මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානය කළුතර ඊයේ මාධ්‍ය හමුවක් ද කැඳවා තිබුණා.

එහිදී අදහස් දක්වමින් එහි සභාපති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිල්ලක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

වව්නියාව, ඕමන්තේ – කොම්බුවයිත්ත – කුලම් වැව ආසන්නයේ වගා ළිඳකට පසුගිය 16වනදා මෙම වන අලි 4 දෙනා වැටී තිබුණා.

පෙරේදා වගා ළිදේ සිටි ඇතින්න ගොඩට පැමිණි අවස්ථාවේදී අසළ තිබූ බැකෝ යන්ත්‍රයට මෙන්ම එහි සිටි පිරිසට ද පහරදීමට තැත් කළ අතර, එම අවස්ථාවේදියි වනජීවි නිලධාරියෙකු ඇතින්නට වෙඩි තබා තිබෙන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site