Home News Breaking SF ලොක්කාගෙන් අළුත්ම වැඩක් අනුරාධපුරයම හොල්ලයි

SF ලොක්කාගෙන් අළුත්ම වැඩක් අනුරාධපුරයම හොල්ලයි

3,639 views
SHARE

අනුරාධපුර කඩ පනහා මුදිතා මාවතේ පිහිටි පැනරෝමා රාත්‍රී සමාජ ශාලාවට දරුණු ප්‍රහාරයක් එල්ලකර එහි හිමිකරුවූ ගිනස් ලෝක වාර්ථා ලාභියෙකුවූ කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හා පැනරෝමා රාත්‍රී සමාජ ශාලවට ජීව අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාවට දහයියාගම ලොකු නොහොත් එස්.එෆ්.ලොක්කා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන අනුරාධපුර කාර්මික පෙදෙසේ පදිංචි ආර්.ඒ.ඉරෝන් රණසිංහ චෝදනා ලැබ මහාධිකරණයේ ඇපමත මුදාහැර සිටින්නෙකි.

මෙලෙස ඇපමත සිටින එස්.එෆ් ලොක්කා අළුතින් ආරම්භකර ඇති මෙහෙයුමට නගරයේ ව්‍යාපාරිකයෙකුගේ ප්‍රසාදය හිමිවි ඇති අතර තවත් පිරිසක් ඊට නොසතුටින් සිටින බවට වාර්තාවනවා.

අනුරාධපුර හා පිටස්තර ප්‍රදේශවල සිට පැමිණෙන පාරිභෝගිකයින්ට උසස් සේවාවක් සපයන බව පවසමින් අනුරාධපුර නගරයේ පිහිටි මහා පරිමාණ ව්‍යාපාරික ආයතනයකට සහයෝගය දක්වමින් අළෙවි ප්‍රවර්ධන කටයුතු සිදුකර ඇති බවට වාර්තාවන අතර පසුගිය උත්සව දිනවලදී ආයතනය ඉදරිපිටදී අදාල ආයතනයෙන් හා එහි ශාඛා වලින් භාණ්ඩ මිලදී ගන්නා ලෙස පාරිභෝගිකයින් දැනුවත් කිරීම් සිදුකරනු ලැබ ඇත.

එම ආයතයේ අඩු මිලට තත්වයෙන් උසස් භාණ්ඩ තිබෙන බව පාරිභෝගිකයන්ට පවසමින් ප්‍රවර්ධන කටයුතු සිදුකර තිබේ.

අවු කණ්නාඩි පැලද රිදියෙන් තැනූ මුද මාල පෙන්ඩන් ශරිරය පුරා පලදාගෙන අනුරාධපුර නව නගරයට පැමිණෙන එස්.එෆ්.ලොක්කා පසුගිය මාස කිහිපයේම සමාජ සේවා කටයුතු වල නිරතවූ බව සදහන්.

අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයක හිමිනමක් සමගින් කිට්ටු ඇසුරක් පවත්වන ඔහු උන්වහන්සේ සමග විවිධ සමාජ සේවා කටයුතු වලටද සහභාගීවී ඇති අතර උන්වහන්සේ සමග ජයශ්‍රී මහ බෝධිය වැදපුදා ගැනීමට ගොස් තිබෙනවා.

එස්.එෆ්.ලොක්කා අධිකරණයේ ඇපමත බන්ධනාගාරයෙන් නිදහස්වී පැමිණි පසුව වෙළද ප්‍රවර්ධන කටයුතු සිදුකිරීම නිසා සිය වෙළදාම් කටයුතු වලට තර්ජනයක් එල්ලවී ඇති බව ව්‍යාපාරිකයන් පිරිසක් පැවසු අතර ඔහුගේ නඩු කටයුතු වලට මුදලින් සහයෝගය දක්වන්නන්ගේ වෙළද ආයතන ප්‍රවර්ධනයට ඔහු කටයුතු කරන බවද ඔවුන් පවසනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site