Home Colaba Makka මීතොටමුල්ල කුණු සුවදට සැගවුණු ලොකු ලොක්කෝ

මීතොටමුල්ල කුණු සුවදට සැගවුණු ලොකු ලොක්කෝ

1,664 views
SHARE

ඔන්න ඉතින් සිංහල දමිළ අවුරුද්ද නම් පහුවුනා දැන් ඔක්කෝම කට්ටිය කට ඇරන් බලන් ඉන්නේ වෙසක්,පොසොන් එනකන් නොවැ කියලා මීතොටමුල්ල පැත්තට යන උන්නැහේ කෙනෙක් කියනවා මේ මැක්කට ඇහුනා…

මාත් මේ මැකී හිතිං කල්පනා කළේ මැක්කෙක් වෙලා මොකට මේ ඉන්දියන් සාගරයේ මුතු ඇටේ උපන්නද කියලා තමයි. ඇයි දෙයියනේ එකක් යද්දී එකක් එනවා. මිනිස්සු බලන් ඉන්නෙත් නිවාඩු එනකන් තමයි. මේ රටේ මිනිස්සුනම් මාරයි. ප්‍රශ්න වැඩිකල් හිතේ තියන් ඉන්නේත් නැහැ ඉක්මනට ප්‍රශ්න අමතක කරලා දානවා. මේ රටේ මිනිස්සුන්ගේ කල්ක්‍රියාව ගැන දේශපාලකයෝ හොදට දන්නවා. අන්න ඒ නිසා අමතක වීම ප්‍රයෝජනයට අරන් ලස්සනට මිනිස්සුන්ව ගොනාට අන්දවනවා.

කොහොම නමුත් මෙදා පොටේ අවුරුදු උදාවෙලා වැඩි වෙලාවක් යන්න කලින් මීතොටමුල්ල කුණු කන්ද කඩන් වැටිලා ජිවිත ගණනාවක් නැති උනා කියලා කවුරුත් දන්නවා. මේ වෙද්දී … අන්න ඒ නිසා දැන් හැමෝම කතා වෙන්නේ කුණු කේස් එක ගැන තමයි. කොහොමත් අනුන්ගේ කුණු ගැන කතාවෙන්න අපේ කස්ටියනම් දක්ෂයි තමයි. බලමුකෝ කොච්චර කල් මේ කුණු කේස් එක ගැන කතාවෙයිද කියලා හනේ හනිච්චන් කිව්වලු අමතක නොවුනොත් පුදුමයි…

කොහොමෙන් කොහොම හරි අවුරුද්ද පැත්තකට තියලා මැක්කා කුණු කන්දට ගොඩවුනේ කන්දෙන් අසරණ වූ පොඩි මිනිහගේ කුණු හොයන්න නම් නෙමෙයි ඕන්…කුණු ගද සුවද කරළා කන්දක් වෙන්න පුරවපු ලොක්කන්ගේ පැටිකිරිය හොයා ගන්නයි මැක්කා පෙරලුනු කුණු කන්දට ගොඩවුනේ… අම්මෝ මැකී පපුව දාලායනවා මේ පන පිටින් වැළලුනු අසරණ මිනිස්සු ගොඩගන්නවා දැක්කහම…
ආරක්ෂක අංශ හමුදා බල ඇනි, පොලිසිය, සහන සේවා කණ්ඩායම් එකදිගට වැඩ. ඒ හැමෝගේම බලාපොරොත්තුව කුණු කන්දට වැළලුනු අහිංසක මිනිසුන්ගේ දේහයන් හොයා ගන්න එක තමයි.

තමන් දුක් මහන්සියෙන් හම්බ කරගත් මුදලින් ගෙයක් හදලා ජිවත් වෙන්න සිහින මවපු මේ අසරණ මිනිස්සු හීනෙකින්වත් හිතන්න නැතිව ඇති තමන්ගේ මිනීවල උඩ තමයි මේ ගෙවල් හදාගෙන ඉන්නේ කියල්ලා. මොකද මේ මිනිස්සු කුණු ගොඩේ ගෙවල් හදලා නැහැ කුණු ගොඩ මේ අහිංසක මිස්සුන්ගේ ගෙවල් ගාවට අවා මිසක්. මේ කුණු කන්දට කුණු ආවේ කුණු දේශපාලන හයියත් එක්කයි. අන්න ඒ නිසා මිතොටමුල්ලේ කුණු කන්ද කිට්ටුව මිනිස්සු අසරණ උනා. මෙන්න මේ විනාශයට අනුබල දුන්න හැම දේශපාලකයෙක් වගේම හොර ජාවාරම් කරුවෝ ඔක්කෝම මේ සිද්දියට වග කිවයුතුයි කියල තමයි මැක්කා නම් කියන්නේ…

මැක්කා පොඩ්ඩක් විපරම් කරලා බැලුවා මහින්ද යුගයේ මිතොටමුල්ලට ගෙනාපු ආශ්චර්යක්ද මේ කුණු ගොඩ කියලා. අම්මෝ මේ කියවෙන්නේ කස්ටියගේ නම් ටික බයත් හිතෙනවා මැක්කට,
හිටපු ආරක්ෂක ලේකම්ගේ මෙහෙය වීමෙන් හිටපු නියෝජ්‍ය පොලිස් පති අනුර ගොයියගේ බලයෙන් හිටපු අග්‍රවිනෂ්‍යකරු සරත් ගේ තීන්දුවෙන් නිත්‍යානුකුලව ගෙනාපු ආශ්චර්යක් බොලව් මේ කුණු කන්ද.
අපේ රටේ එදා ඇවිදින මංතීරු හදපු යුගයේ රටේ නායකයෝ අහිංසක පොඩි මිනිහා ගැන හිතුවේ නැති හැටි අනේ අෆ්ෆා මේ හදපු ඇවිදින මංතීරුවල ඇවිදින්නට ශක්තියක්වත් නැති පොඩි මිනිහගේ මනාපෙන් මැතිසභේට ඇවිල්ලා හොර ජාවාරම් වලින් සල්ලි හොයලා කාලා කාලා බඩ මහත්වෙලා තෙලේ බස්සව ගන්න ට්‍රයි කරන සල්ලි තියෙන පින්ගුත්තරයන්ට ඇවිදින්න මංතීරු හදාපු අය ඊට පස්සේ මේ පින්ගුත්තරයන්ගේ කුණු පොඩි මිනිහගේ ගෙවල් ලග පිරෙව්වා.

මේ මැක්කානම් කියන්නේ දැන් මිනිස්සු ඉවසුවා ඇති කියලයි. පක්ෂ පාට බේදයක් නැතිව මේ හොර මැර ජඩ දේශපාලකයන්ව එළවිය යුතුයි. මේ කුණු කන්දේ යන ගමන් මැක්කා බැලුවා කෝ මේ එදා හිටපු දේශප්‍රේමී නායකයෝ කියලා අම්මා පා එකෙක් බෙහෙතකටවත් හොයාගන්න නැහැ නොවැ. පිවිතුරු හෙළ කරුමය නිදහස් පෙරලුම එක්ක එකතුවෙලා කියයිද දන්නේ නැහැ මේකත් අධිරාජ්‍යවාධි කුමන්ත්‍රනයක් කියලා හනේ හනිච්චන් කිව්වලු එතකොට එකා බද්දේ මොනවා කියයිද ? අද වෙනකන් එක දේශපාලකයෙක් මේ ගැන කට අරින්නේ නැහැ. එදා බබාලා රේස් පැද්දා පොඩි මිනිහගේ ප්‍රශ්න ගැන හිතුවේ නැහැ. එතකොට හෙළ කරුමය මොනවද මේවට ගත්ත ක්‍රියා මාර්ග නිකන් පම්පෝරි ගැහුවා මහා ලොකුවට එච්චරයි.

මේ කුණු කන්ද මැක්කට පේනෙන, දැනෙන,හැගෙන විදිහට නම් නිකන්ම නිකන් කුණු කන්දක් නෙමයි. වෙලාවක කොළොන්නාවේ කුඩු හංගන කන්ද මේ කුණු කන්දද කියලත් මැක්කට නම් සැකයි ඕන්. ඒ විතරක් නෙමෙයි මැක්කා කල්පනා කළේ පහුගිය කාලේ අතුරුදහන් වු අයත් මේ කුණු කන්දේ අතුරුදහන් වෙලා ඉන්නවද දන්නෙත් නැහැ නේද කියලයි. අනේ මන්දා වර්තමාන වහා පාලනේ ඉන්න මැම්බර්ලා බෙල්ලේ පොටයන්න කලින් සැප වහාන ගන්න ට්‍රයි කරනවා එයාලත් සැප විදින්න තමයි ට්‍රයි එක ඒත් මේ අහිංසක දුප්පතාගේ දුකනම් පෙනෙන්නේ නැහැ අෆ්ෆා. මැක්කා මේවා කියන්නේ කුණු කන්දේ දවස් දෙකක් ගත කරපු නිසයි. මේ කුණු කන්ද කුණු මුදලාලිලාටයි,කුඩු මුදලාලිලාටයි,පාතාල අයියලාටයි, වගේම නාගරික මන්ත්‍රී ගේ සිට ඉහලම මැති ඇමතිවරු හා නායකයින් මෙන්ම සමහරක් රාජ්‍ය සේවකයෝ හොදට සල්ලි හොයපු සමහරුන්ගේ රහස් රැකපු සුවද කන්දක් වුන බවනම් කිසිම සැකයක් නැහැ.

මේ ගොඩ එන්නේ පණ පිටින් මියැදුණු අපේම සහෝදරයෝ වගේම කිසිම දෙයක් නොදන්න රටේ අනාගත ළමා පරපුරයි. මැක්කා කුණු කන්දේදී ඇස්දෙකෙන් දැකපු, හදවතින් විදවපු ෆොටෝ ටිකක් තමයි මේ. මෙවන් දෙයක් ඉදිරියට නොවෙන්න නම් ඉදිරියේදීවත් අවන්කවම රට ගැන හිතන,මිනිස්සුන්ට ගරු කරන මිනිසත් කම දන්නා සැබෑ දේශපාලකයින් රටට තෝරා ගන්නට ඔබ හදවතින් නොව බුද්දියට ඉඩදී තීරණ ගත යුතුයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site