Home News Breaking ජෝන්ගේ යහපාලන විරෝධී ක්‍රියා නිසා රෝස්‌ සියලුම පක්‌ෂ තනතුරුවලින් ඉල්ලා අස්‌වෙයි

ජෝන්ගේ යහපාලන විරෝධී ක්‍රියා නිසා රෝස්‌ සියලුම පක්‌ෂ තනතුරුවලින් ඉල්ලා අස්‌වෙයි

216 views
SHARE

එජාප කටාන ආසන සංවිධායිකා, බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රීනි රෝස්‌ ප්‍රනාන්දු, ඇය විසින් දරනු ලබන සියලුම පක්‌ෂ තනතුරුවලින් ඉල්ලා අස්‌වී තිබෙනවා.

ඒ බැව් සඳහන් ලිපියක්‌ තමන් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත හා පක්‌ෂ මූලස්‌ථානය වෙත යොමු කොට ඇතැයි ඊයේ (19 දා) කටාන එජාප කාර්යාලයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී ඇය සඳහන් කළා.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට කුලී රථ සේවා පහසුකම් සැපයීමේ කවුළුවක්‌ අධිකරණ නියෝග මත නීත්‍යානුකූල ටෙන්ඩරයක්‌ මගින් ලබාදී තිබියදී එයට පරිබාහිරව සංචාරක බලපත්‍ර නිකුත් කිරීම සඳහා ක්‍රිස්‌තියානි කටයුතු හා සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංගගේ ආධාරකරුවන්ට ද කුලී වාහන බලපත් දෙන තත්ත්වයක්‌ උදාවී ඇති බව ඇය කියා සිටියා.

මෙම කාරණයට අදාළව ජෝන් අමරතුංග හා තමන් අතර මත ගැටුමක්‌ නිර්මාණය වූ බවත්, ඇමැතිවරයාගේ මෙම යහපාලන විරෝධී ක්‍රියාව නිසා තමන් මෙසේ ඉල්ලා අස්‌වීමට තීරණය කළ බවත් රෝස්‌ ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා මැදිහත් වී මෙවන් යහපාලන විරෝධී ක්‍රියාවන් වහා නැවැත්විය යුතුව ඇති බවත්, තමන් කිසිවෙකුටත් ණය හෝ බය නැති බවත් ඇය එහිදී වැඩි දුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site