Home News Breaking අවුරුදු වැඩියෙන් කෑ සිවිල් ආරක්ෂක සෙබළා මරුට

අවුරුදු වැඩියෙන් කෑ සිවිල් ආරක්ෂක සෙබළා මරුට

274 views
SHARE

වැඩිමහල් සහෝදරයාගේ නිවසේ පැවැති අවුරුදු සාදයකට සහභාගි වී ප්‍රමාණය ඉක්මවා රාත්‍රී ආහාරය ගැනීම හේතුවෙන් හුස්ම ගැනීමට නොහැකි වූ තරුණ සිවිල් ආරක්ෂක බළකා සෙබළකු හදිසියේ රෝගාතුර වී මියගොස් තිබෙන බව අනුරාධපුර ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

රෝහල්ගත කිරීමට රැගෙන යමින් සිටියදී මෙලෙස මරණයට පත්වී ඇත්තේ තන්තිරිමලය තම්බියාව සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ සේවයේ නිරතව සිටි සිවිල් ආරක්ෂක බළකා සෙබළ (ටී.79439) ජයතිලකගේ ලලිත් සුමිත් ජයතිලක (27) එක්දරු පියායි.

මියගිය සිවිල් ආරක්ෂක සෙබළා අනුරාධපුර තිසාවැව ගල්වල පාරේ පිහිටි සිය වැඩිමහල් සොයුරාගේ නිවසේ පැවැති අවුරුදු සාදයකට සහභාගි වී රාත්‍රී ආහාරය ලබා ගැනීමෙන් පසුව තිසාවැව යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු බාල සහෝදරයාට කෑම පාර්සල් රැගෙන ගොස් එය ලබාදී නැවතත් වැඩිමහල් සහෝදරයාගේ නිවසට පැමිණෙද්දී හුස්ම ගැනීමට නොහැකිව සිහිසුන්ව ඇති බව පරීක්ෂණ වලදී හෙළිවී ඇති බවයි ‍පොලීසිය සඳහන් කලේ.

එම සිද්ධිය දැක එහි පැමිණි ප්‍රදේශවාසියකු සෙබළා පිළිබඳව ‍පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා තිබෙන බවත් එම ඇමතුම අනුව එහි පැමිණි අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ ‍පොලිස් කොස්තාපල්වරුන් මාර්ගයේ ගමන් කළ ත්‍රිරෝද රථයක් නවතා ඔහුව රෝහල කරා රැගෙන ගොස් ඇති බව ‍පොලීසිය පැවසුවා.

සිවිල් ආරක්ෂක බළකා සෙබළා රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බවට වෛද්‍යවරුන් තහවුරු කර තිබූ අතර සෙබළා කඩිනමින් රෝහලට ගෙන ආවේ නම් ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකියාව තිබූ බවයි වෛද්‍යවරු ප්‍රකාශ කොට තිබෙන්නේ.

මියගිය සිවිල් ආරක්ෂක සෙබළාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්.එම්.එච්.එම්. සේනානායක පසුගිය17 දා උදෑසන පැවැත්වූ අතර අධික ලෙස ආහාර ගැනීමෙන් ශ්වසන අපහසුතාවයට පත්වීම නිසා ඔහු මියගොස් තිබෙන බව නිගමනය කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site