Home News Breaking IDH රෝහල උණ රෝගීන්ගෙන් පිරී යයි

IDH රෝහල උණ රෝගීන්ගෙන් පිරී යයි

416 views
SHARE

දිනකට උණ රෝගීන් 1500කට අධික පිරිසක් ප්‍රතිකාර සඳහා පැමිණෙන බව අයි.ඩී.එච්. රෝහල හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනය පවසනවා.

එහි අධ්‍යක්ෂ දිමුතු රත්නායක සඳහන් කරන්නේ මේ වන විට රෝහල තුළ 300කට අධික පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

ඉන් 200 දෙනෙකු ඩෙංගු රෝගීන් වන අතර තවත් 25 දෙනෙකු පමණ AH1N1 රෝගීන් බවට හඳුනාගෙන තිබෙනවා.

දෛනිකව රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගන්නා උණ රෝගීන් සංඛ්‍යාව 1500කට ආසන්න බවයි ඔහු සඳහන් කලේ.

ඉතා දුර බැහැර රෝහල්වලින් හා පෞද්ගලික රෝහල්වලින් රෝගීන් මාරු කර එවීම හේතුවෙන් රෝහලේ තදබදය වැඩි වී තිබෙනවා.

ප්‍රතිකාර සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය හා ඖෂධ හිඟයකින් තොරව රෝහලට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇති බව ද වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site