Home News Sports මුරලිට ICC යෙන් නම්බු නාමයක්

මුරලිට ICC යෙන් නම්බු නාමයක්

204 views
SHARE

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු විශිෂ්ට දඟ පන්දු යවන්නකු වන මුත්තයියා මුරලිදරන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සමාජයට ඇතුළත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මේ සමඟ ICC යෙන් මෙවන් ඉහළ මට්ටමේ නම්බු නාමයක් ලද ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා බවටද මුරලිදරන් පත්වනු ඇති.

මුත්තයියා මුරලිදරන් මෙසේ ලොව විශිෂ්ට ක්‍රීඩකයකු ලෙස නිල වශයෙන් නම් කිරීමේ කටයුත්ත ලබන ජුනි මාසයේදී පැවැත්වෙන අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන තරගාවලිය පැවැත්වෙන කාලසීමාවේදී සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ මුරලිදරන්ට මෙවන් සම්මානයක් පිරිනැමීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවටද ලැබෙන ගෞරවයක් බවයි.

මේ කීර්තිමත් නාමය පිරිනැමීමේ කටයුත්ත නිමා වූ බංග්ලාදේශ සංචාරයේදී හෝ ඉන්දීය සංචාරයේදී නැත්නම් එළැඹෙන අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන තරගාවලියේ සිදු කිරීමට මුරලිදරන්නේ කැමැත්ත විමසූ විට ලබන ජුනි මාසයේදී පැවැත්වෙන අයි.සී.සී. කුසලාන තරගාවලියේදී එය සිදු කිරීමට සුදුසු යැයි ඔහු තෝරාගත් බවද සඳහන්.

මුරලිදරන් සමඟ හිටපු ඕස්ට්‍රේලියානු නායක කැරන් රෝල්ටන්, ආතර් මොරිස් සහ ජෝර්ජ් ලෝමන් යන තිදෙනාද මෙවර මෙම නම්බු නාමය පිරිනැමීමට තෝරාගෙන ඇති අතර අයි.සී.සී. කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ 2 වැනි තරගය ලෙස පැවැත්වෙන ඉන්දියාව සමඟ තරගය පැවැත්වෙන දිනයේදී මුරලිදරන් මේ කීර්තිධර සම්මානය සඳහා නම් කිරීම සිදු කිරීමට නියමිත බවද වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site