Home News Breaking කිරිඳිවැල උණුසුම් වෙයි – විරෝධතාකරුවන් පලවාහැරීමට කඳුළු ගෑස්‌ ප්‍රහාර PHOTOS

කිරිඳිවැල උණුසුම් වෙයි – විරෝධතාකරුවන් පලවාහැරීමට කඳුළු ගෑස්‌ ප්‍රහාර PHOTOS

263 views
SHARE

මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් අනතුරුව කොළඹ කුණු කිරිඳිවැල, මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි කසළ කළමනාකරණ මධ්‍යස්‌ථානයට බැහැර කිරීමට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වූ එම ප්‍රදේශවාසීන්ට ඊයේ (20 ) සවස පොලිසිය ජල හා කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කර ඔවුන් විසුරුවා හැරීමට කටයුතු කර තිබෙනවා.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් කිරිඳිවැල – හංවැල්ල ප්‍රධාන මාර්ගය ද අවහිර වී තිබුණු අතර ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයේ නිරතවෙද්දී ඊයේ STF බළකා නිලධාරීන් සහ කැරලි මර්දන නිලධාරීන් ද එහි ළඟා වී සිටි අතර පොලිස්‌ ජල බවුසර් ද ස්‌ථානගත කර තිබෙණු දැකගන්නට ලැබුණා.

කුණු ලොරී එම ස්ථානයට ලඟාවෙත්ම දිගින් දිගටම ප්‍රදේශවාසීන් මෙසේ උද්ඝෝෂණයේ නිරතව සිටි අතර ඒ නිසාවෙන් කොළඹ කුණු රැගෙන ආ ලොරි රථ හතක්‌ පමණ කසළ කළමනාකරණ මධ්‍යස්‌ථානයට කුණු බැහැර කළ නොහැකිව මාර්ගය අසල නතර කර තිබෙනු දක්නට ලැබුණා.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය අතරතුර පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා දොම්පේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් ජයතිලක ඇතුළු පිරිසක්‌ අතර උණසුම් වචන හුවමාරුවක්‌ ද ඇති වූ අතර එහි දී හදිසියේම අසනීප වූ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා රෝහල්ගත කළ බව ද වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site