Home News Breaking ජනපති නියෝගයෙන් විශේෂ ගැසට් නිවේදනයක්

ජනපති නියෝගයෙන් විශේෂ ගැසට් නිවේදනයක්

180 views
SHARE

සියලු පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරී මට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබේනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රීයේ සිට බලත්මක වන බවයි.

මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, මහජන ආරක්ෂණ පනතේ 17 වන වන්තිය ප්‍රකාරවයි.

ඕනෑ ම පළාත් පාලන ආයතනයක් විසින් ක්‍රියාත්මක කරනු ලබන හා පවත්වාගෙන යනු ලබන අපද්‍රව්‍ය ඉවත් කිරීම, එකතු කිරීම, ප්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම, සකස් කිරීම, වෙන් කිරීම, බැහැර කිරීම සහ මහාමාර්ගවල ඇති අපද්‍රව්‍ය, නිවෙස්වලින් බැහැර කරන අපද්‍රව්‍ය හා ඊට සමාන කාර්යයන් පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග මෙම නියෝගයට අදාළ වේ.

ඒ අනුව යම් කිසිවෙකු පුද්ගලයෙකුට හෝ දේපළවලට වාචිකව හෝ ලිඛිතව හිංසනයක් සිදු කිරීමෙන් එනම් තර්ජනය කිරීම, බලහත්කාරයෙන් හෝ කුමන අන්දමකින් හෝ අපහාසයකින් හෝ අන් ක්‍රමයකින් එම කාර්යන්හි යෙදීම වැළැක්වීම බාධා කිරීම ප්‍රමාද කිරීම හෝ අවහිර කිරීමට තැත් කිරීම වරදක් වනු ඇති.

යමෙක් ම මෙවැනි ක්‍රියාවන් සඳහා බලෑම් කිරීම, ජනතාව ප්‍රකෝප කිරීම අන් අන්දමකින් පෙළඹවීම මගින් එවැනි සේවා පවත්වාගෙන යාමට යමෙකුට බාධා කිරීම, රැකියාවෙන් ඉවත්වන ලෙස බලපෑම් කිරීම නීති විරෝධී වේ.

තවද මෙවැනි කාර්යයන් සඳහා රැකියා අවස්ථාවන් සැපයීම හෝ රැකියාවන් භාර ගැනීම වැලැක්වීම ද වරදකි.

මෙකී ක්‍රියාවන් සඳහා කිසිවෙකු ශාරීරිකව හෝ වාචිකව හෝ ලිඛිතව හෝ බලපෑම් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වේ.

පනතේ විධිවිධානවලට අනුව උක්ත ක්‍රියාවන් කළ හෝ කරන හෝ කළේ යැයි, සැක කිරීමට සාධාරණ හේතු ඇති විට ඕනෑ ම පොලිස් නිලධාරියෙකුට වරෙන්තු රහිතව ඕනෑ ම අවස්ථාවක එවැන්නෙකු අත්අඩංගුවට ගත හැකි ය.

මෙවැනි වරදකට හසු වූ පුද්ගලයෙකු නඩු විනිශ්චයකින් පසුව බරපතළ වැඩ සහිතව සිර දඬුවමකට යටත් කළ හැකි වේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site