Home News International නවසිලන්තයම පුදුම කරමින් ගොඩගැසූ තල්මසුන් PHOTOS

නවසිලන්තයම පුදුම කරමින් ගොඩගැසූ තල්මසුන් PHOTOS

353 views
SHARE

නවසීලන්ත ඉතිහාසයේ දශක තුනකට පසුව මුහුදු වෙරළට ගොඩගැසීම නිසා ඉතා අවාසනාවන්ත ලෙස මරණය වැළඳගත් වැඩිම තල්මසුන් ප්‍රමාණය අද (10දා) දිනයේදී වාර්තා වූ බව විදෙස් වාර්තා පවසනවා.

නවසීලන්ත දකුණු දූපතේ, උතුරුදිග පිහිටි සමුගැනීමේ තුඩුව ලෙස ප්‍රචලිත වෙරළ තීරයට පසුගියදා ඩොල්ෆින් මත්ස්‍යයන්ගේ පෙනුම ගත් කුඩා තල්මසුන් (Pilot Whales) සිය ගණනක් ගොඩගසා තිබෙනවා.

මේ පුවත වැකුණු සැණින් 500කට අධික පිරිසක් මෙම අසරණ සතුන් එම අවසනාවන්ත තත්ත්වයෙන් මුදාගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් ගනු ලැබුවත්, අවම වශයෙන් තල් මසුන් 250ක් පමණ ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් වාර්තා පවසනවා.

කෙසේ වෙතත්, විශාල මුහුදු රළත් සමග එම සතුන් නැවතත් මුහුදට යැවීම සඳහා ගත් උත්සාහයේදී තල්මසුන් 50කට ආසන්න පිරිසක් යළි ආරක්ෂිතව මුහුද වෙත මුදාහැරීමට හැකියාව ලැබුණත්, ඊයේ (09දා) දිනයේදී එම සතුන් 90ක් පමණ යළි මුහුදු වෙරළට ගොඩගසා තිබූ බව එරට සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

එසේ අද දිනයේදී එම සතුන් යළි මුහුද වෙත යැවීමට ගත් උත්සාහයද මේ ආකාරයෙන් ඵල රහිත වී තිබෙනවා.

බොහෝ වර්ෂවල මේ ආකාරයෙන් තල් මසුන් මුහුදු වෙරළට ගොඩගැසීමේ පුවත් වාර්තා වුවත්, තල්මසුන් මෙපමණ විශාල පිරිසක් මුහුද වෙරළට ගොඩගැසීමක් එරට ඉතිහාසය තුළ අවසන් වරට වාර්තා වී තිබුණේ 1985 වසරේදීය.

කෙසේ වෙතත්, මේ තත්ත්වය නවසීලන්ත සංරක්ෂණ නිලධාරීන්ද පුදුමයට පත්කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.