Home News Breaking කුණු ප්‍රශ්නයට වත්මන් රජයට පමණක් ඇඟිල්ල දිඟු කිරීම වැරදියි

කුණු ප්‍රශ්නයට වත්මන් රජයට පමණක් ඇඟිල්ල දිඟු කිරීම වැරදියි

165 views
SHARE

මීතොටමුල්ල කසළ ප්‍රශ්නය වසර තිහක පමණ කාලයක පටන් පවතින් එකක් බැවින් කුණු කන්ද නාය යෑම සම්බන්ධව වත්මන් රජයට පමණක් ඇඟිල්ල දිඟු කිරීම සාධාරණ නොවන බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍යය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසනවා.

වත්මන් රජය බලයට පත්ව වසර දෙකක පමණ කාලයක් ගතව තිබෙන බැවින් දීර්ඝ කාලයක් තිස්සේ පැවැති මෙම ගැටලුවට විසඳුම් ලබා ‍දීමට කාලය ප්‍රමාණවත් නොවන බවත් උන්වහන්සේ සඳහන් කළා.

නියෝජ්‍යය කතානායක තිලංග සුමතිපාල ඊයේ (20) මල්වතු මහ විහාරයට ගොස් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගත් අවස්ථාවේ උන්වහන්සේ මේබව ප්‍රකාශ කළා.

මීතොටමුල්ලේ සිදුවීම නිසා දැන් තම ප්‍රදේශවලට කසළ බැහැර කරනවාට ජනතාව විරෝධය දක්වන බවත් ඊට හේතුව දේශපාලනඥයින් කරන ප්‍රකාශ පිළිබඳව ජනතාවට එතරම් විශ්වාසයක් නොමැති වීම බවත් මහනාහිමියෝ කියා සිටියා.

ජනතාව විපතට පත්ව තිබෙන මෙම අවස්ථාවේ දේශපාලන වාසි පිළිබඳ නොසිතා සැවොම ජනතාවට සහන ලබාදී ඔවුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දීමට උනන්දු විය යුතු බවත් උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site