Home News Breaking ඉදිරියේදී රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ තනතුරු වෙනස්‌වෙයි

ඉදිරියේදී රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ තනතුරු වෙනස්‌වෙයි

163 views
SHARE

ඉදිරි සති දෙක ඇතුළතදී රාජ්‍ය ආයතනවලට නව මුහුණුවරක්‌ ලබා දෙන බවත්, ඒ අනුව රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ තනතුරු වෙනස්‌ විය හැකි බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ වෙනස්‌කම් මෙන්ම ඊට සමගාමීව එම ආයතනවල කාර්යක්‍ෂමතාව වැඩි කිරීම සඳහා පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රගති සමාලෝචන රැස්‌වීම් අවුරුද්දකින් පවත්වා නැතැයි ද ජනාධිපතිවරයා කියා සිටියා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් සිදු කෙරෙන ප්‍රගති සමාලෝචන රැස්‌වීම් පවත්වා නැත්තේ අදාළ මන්ත්‍රීවරුන් ඊට දින ලබා නොදීම නිසා බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

එනිසා ඉදිරියේදී අදාළ ප්‍රගති සමාලෝචන රැස්‌වීම් පැවැත්වීමට දින ලබා දීමට කාලසටහනක්‌ සකස්‌ කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

ඊයේ (20 දා) ජනාධිපති මන්දිරයේදී පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙම අදහස්‌ පළ කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site