Home C Gossip පුතුගේ වියෝව දරා ගැනීමට නොහැකිව මතක වස්ත්‍ර පූජාවේදී මවගේ හදවත නතරවෙයි –...

පුතුගේ වියෝව දරා ගැනීමට නොහැකිව මතක වස්ත්‍ර පූජාවේදී මවගේ හදවත නතරවෙයි – තිදෙනෙක් රෝහලට

1,590 views
SHARE

තම පුත්‍රයාගේ වියෝව දරා ගැනීමට නොහැකි වී ඔහුගේ දේහයේ අවසන් කටයුතු සිදුකිරීමට මතක වස්ත්‍ර පූජා කරමින් සිටියදී හදවත නතරවීමෙන් සය දරු මවක් මියයෑමේ කනගාටුදායක පුවතක් අනුරාධපුර සාලියපුර මාන්කඩවල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

අනුරාධපුර මාන්කඩවල පදිංචි ප්‍රියංකර ප්‍රියදර්ශන නමැති 33 හැවිරිදි පුතු මියගොස් තිබෙන්නේ හෘදයාබාධයක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

ඔහුගේ මරණය නිසා හදිසි කම්පනයට ලක්වූ ඔහුගේ මව වූ හේවාගමගේ දයා මාලනී (60) පුත්‍රයාගේ හදිසි වියෝව දරාගැනීමට නොහැකිව ආරංචිය ලැබුණ දා සිට අධික පීඩාවකින් පසුවූ අතර මතක වස්ත්‍ර පූජාව අතරදී ඇය සිහිසුන්ව ඇදවැටී ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.

ඇයට ද හෘදයාබාධයක් ඇතිවී මියගිය බවට සැක කෙරෙනවා. මියගිය පුත්‍රයා ඇගේ දරුවන් සයදෙනා අතරින් පස් වෙනියායි.

මියගිය පුතා පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වූ විවාහක එක්දරු පියෙක්.

පුතාගේ හදිසි වියෝව කණවැකුනු පසු පුත්‍රයාගේ දේහය අසලට වී මගේ පුතේ මම දැන් ජීවත්වෙලා වැඩක් නෑ. මමත් පුතත් එක්කම යන්න එනවා යනුවෙන් පවසමින් ඇය හඬා වැටෙමින් සිටි බව පවුලේ ඥාතීන් සඳහන් කළා.

මියගිය දරුවාගේ අවසන් කටයුතු සිදුකිරීමට පෙර නිවෙසට වැඩම කළ මහා සංඝරත්නය මතක වස්ත්‍ර පූජාව සිදුකරද්දී පවුලේ ඥාතීන් සමඟ මතක වස්ත්‍ර පූජාවට එක්ව සිටි තරුණයාගේ මව එම ස්ථානයේ සිහිසුන්ව ඇද වැටී තිබෙනවා.

රැස්ව සිටි පිරිස තරුණයාගේ මවට වියෝව දරා ගැනීමට නොහැකි වී සිහිසුන් වන්නට ඇතැයි සිතා ඇය එම ස්ථානයෙන් ඉවතට ගෙන මුහුණට ජලය ඉසිමින් ප්‍රකෘති තත්ත්වයට ගැනීමට උත්සාහ කළත් ඇය ප්‍රකෘති තත්ත්වයට පත්නොවීම නිසා තරුණයාගේ අවසන් කටයුතුවලට සහභාගිව සිටි වෛද්‍යවරයකු ඇයගේ නාඩි පරීක්‍ෂා කර ඇති බව සඳහන්.

ඇයගේ නාඩි පරීක්‍ෂාවේදී එහි ක්‍රියාකාරිත්වය නතර වී ඇති බව වටහාගත් වෛද්‍යවරයා වහාම ඇයව ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට රැගෙන යන ලෙස අවසන් කටයුතු සඳහා රැස්ව සිටි පිරිසට දන්වා තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වූ පවුලේ ඥාතීන් ඇයව අනුරාධපුර ශික්‍ෂණ රෝහලට රැගෙන ගොස් ඇතත් ඇයව පරීක්‍ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇය මියගොස් සිටින බවයි.

ඉන්පසුව සිය සහෝදරයාගේ වියෝව දරා ගැනීමට නොහැකිව මවට සිදුවූ ශෝචනීය මරණය පිළිබඳව සිතා ගැනීමට නොහැකි වූ අනෙක් පුතුන් දෙදෙනා හා දියණියක ද දැඩි මානසික කම්පනයට ලක් වී ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සයදරු මව කුමන හේතුවකින් මිය ගියේද යන්න නිශ්චිතව අනාවරණය කර ගැනීම සඳහා ඊයේ (20දා) අනුරාධපුර ශික්‍ෂණ රෝහල් මෘත ශරීරාගාරයේදී පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතව තිබුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site