Home News Breaking ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ගාලුමුවදොර මැයි රැලියට ගියොත් වැඩ වරදින ලකුණු

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ගාලුමුවදොර මැයි රැලියට ගියොත් වැඩ වරදින ලකුණු

157 views
SHARE

ගාලුමුවදොර පිටියේදී පවත්වන ශ්‍රී ලංකා පොදු ජන පක්‌ෂයේ මැයි දින රැලියට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මන්ත්‍රීවරුන් සහභාගි වුවහොත් ඔවුන් සම්බන්ධයෙන් පක්‌ෂ මධ්‍යම කාරක සභාව තීරණයක්‌ ගන්නා බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒකාබද්ධ විපක්‌ෂය මීට පෙර පැවැත්වූ මැයි රැලිවලට වඩා මෙවර රැලිය සම්පූර්ණයෙන්ම වෙනස්‌ එකක්‌ යැයි ද, එම රැලිය සංවිධානය කරන්නේ මහාචාර්ය ජී. එල්. පීරිස්‌ගේ සහභාගිත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදු ජන පක්‌ෂය බැවින් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ඊට සහභාගි විය නොහැකි බව ද ඊයේ (20 දා) පක්‌ෂ මූලස්‌ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළා.

මේ නිසා මන්ත්‍රීවරුන් ඊට සහභාගි වුවහොත් මෙවර පැහැදිලි බෙදීම් ඉරක්‌ ඇඳෙනු ඇති බව ද පක්‌ෂ මධ්‍යම කාරක සභාව එම රැලියට යන පිරිසට එරෙහිව පියවර ගනු ඇති බව ද ඔහු කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මැයි දින රැලිය මහනුවර, ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බැවින් ඊට පක්‌ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට සහභාගි විය හැකි බව ද අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site