Home News Breaking රන්ජන් ඊයේ කෝප වෙලා මෙන්න හේතුව

රන්ජන් ඊයේ කෝප වෙලා මෙන්න හේතුව

554 views
SHARE

රන්ජන් රාමනායක හා ඉන්දික අනුරුද්ධ අතර ගැටුමක් නිසා පසුගිය මාසයේ රටපුරා මහත් ආන්දෝලනයකට පත්වූ දිවුලපිටිය සම්බන්ධිකරණ රැස්වීමට ඊයේ (20) සවස පැමිණි සමාජ සුභසාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විනාඩි 10 ක් පමණ එහි රැඳී සිට කිසිවක් ප්‍රකාශ නොකර පිටව ගිය බව වාර්තා වෙනවා.

පසුගිය මස පැවති රැස්වීමේදී නියෝජ්‍ය ඇමතිවරයා හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ අතර ගැටුමක් ඇතිවීමෙන් පසු මෙම රැස්වීම පැවත්වූයේ ඊයේ (20) පස්වරුවේය.

පස්වරු 2.20 ට පමණ එම කමිටුවේ සම සභාපති පලාත් සභා මන්ත්‍රී චන්දන ජයකොඩි ගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ කෙරුණු අතර පස්වරු 3.10 ට පමණ නියෝජ්‍ය ඇමතිවරයා එහි පැමිණ තිබෙනවා. එම කමිටුවේ සම සභාපතිවරයාද වන නියෝජ්‍ය ඇමතිවරයා එම ස්ථානයේ විනාඩි 10 ක් පමණ රැදී සිට මරඳගහමුල කාර්යාලයට යන බව පවසා පිටව ගොස් ඇති අතර ප්‍රකාශයක් ලබාදීමට එම කාර්යාලයට පැමිණෙන ලෙස මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබේ.

සම්බන්ධිකරණ රැස්වීමෙන් අනතුරුව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් නියෝජ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශය ලබා ගැනීම සදහා එම කාර්යාලයට ගොස් ඉදිරිපස වාඩීවී සිටින අවස්ථාවේදී “කවුද ඕයි ඔනන ඉන්නේ යනවලකෝ“ කියා හඩක් කාර්යාලය ඇතුලෙන් ඇසුනු අතර මොහොතකින් මාධ්‍ය වේදීන් වෙත පැමිණි ඇමතිවරයාගේ ඡායාරූප ශීල්පියා ඔයාල මෙතනින් එලියට යන්නැයි පවසා තිබේ.

ඒ අනුව මාධ්‍යවේදීන් පිරිස කාර්යාලය ඉදිරිපස මාර්ගයට පැමිණ රැදී සිටි අවස්ථාවේ නියෝජ්‍ය ඇමතිවරයා ගේ කාාර්යාලීය සේවක පිරිසක් විවිධ කරුණු කියමින් මාධ්‍යවේදීන් අස්වස්සන්නට කටයුතු කරනු ලැබුවත් මාධ්‍යවේදීන් ඔවුන්ගේ අප්‍රසාදය ප්‍රකාශ කර පිටව ගිය බව වාර්තාවේ.

කෙසේවෙතත් ඉන්දික අනුරුද්ධ විසින් චෝදනා කරන්නේ පස් ප්‍රශ්නයේදී නියෝජ්‍ය ඇමතිවරයා විසින් ඔහුගේ ලිපිශිර්ෂයක ඔහුගේම අත්සනින් යුතුව ගම්පහා දිස්ත්‍රික් ලේකම් වෙත පස් කැපීමේ බලපත්‍රයක් දීර්ග කර ගැනීමට ලිපියක් නිකුත් කර ඇතිබවයි.එම ලිපියද CNEWS අප වෙත ලබාදී තිබෙනවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site