Home News International මැයි මස පළමු වන දා සිට ප්‍රභූ වාහනවල රතු බල්බ දැල්වීම තහනම්

මැයි මස පළමු වන දා සිට ප්‍රභූ වාහනවල රතු බල්බ දැල්වීම තහනම්

311 views
SHARE

මැයි මස පළමු වන දා සිට ඉන්දියාවේ ප්‍රභූ වාහනවල රතු බල්බ දැල්වීම තහනම් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ සෑම මැති ඇමැති කෙනෙකුම, සෑම රජයේ නිලධාරියෙකුම මෙන්ම සෑම ඉන්දියානුවෙකුම විශේෂ බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් twitter පණිවිඩයක්ද නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඇමතිවරුන්ගේත් රජයේ උසස් නිලධාරීන්ගේත් වාහන සඳහා භාවිත කෙරෙන රතු විදුලි සංඥා සහ සයිරන් නළා තහනම් කරන බවත් කිසිවකුටවත් විශේෂයක් සිදු නොකරන බවත් ඉන්දීය රජය වෙනුවෙන් මුදල් අමාත්‍ය අරුණ ජෙට්ලි පවසනවා.

කෙසේ වෙතත් මෙම නව නීතියත් සමගින් මෙම විදුලි බුබුළු සහ සයිරන් නළා භාවිත කළ හැකි වන්නේ ගිලන් රථ, හදිසි වාහන, ගිනි නිවීමේ රථ සහ පොලිස් නිල රථ සඳහා පමණක් බවත් රතු වෙනුවට නිල් බල්බ දැල්වීමට එරට රජය පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ඉන්දියානුවන් බොහෝ දෙනාගේ දැඩි ප්‍රසාදය හිමි වී ඇති අතර ඔවුන් සමාජ ජාල ඔස්සේ මෝදිට සුබ පතා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site