Home News Breaking මීතොටමුල්ල නිවාස අහිමි වූ අයට නිවාස ලබා දෙයි

මීතොටමුල්ල නිවාස අහිමි වූ අයට නිවාස ලබා දෙයි

217 views
SHARE

මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූවන්ට නිවාස ලබාදීමේ වැඩසටහනේ මුල් අදියර යටතේ පූර්ණ හානියට පත් නිවාස 30ක් වෙනුවෙන් නව නිවාස ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (21) සිදු කෙරුණා.

නිවාස අහිමි වූ පවුල් 98 සදහාම නිවාස ලබාදීමට රජය කටයුතු සූදානම් කර තිබෙන අතර, එහි මුල් අදියර යටතේ නිවාස ලබා ගැනීමට කැමැත්ත පළ කළ පවුල් 30ක් වෙනුවෙන් මෙලෙස අද නිවාස ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.

මෙම නිවාස වෙනුවෙන් රජය වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 3920ක්.

ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සදහා එක් නිවාසලාභියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් ද ලබා දී තිබෙනවා.

නිවාසලාභීන් වෙත නිවාස ඔප්පු ප්‍රදානය කෙරුනේ ආපදා කළමණාකරන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දීයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site