Home News Breaking මීතේන් ඝනත්වය වැඩිවීමේ ප්‍රතිශතය සියයට 16කින් ඉහළට – ජපාන විශේෂඥයින් හෙළිකරයි

මීතේන් ඝනත්වය වැඩිවීමේ ප්‍රතිශතය සියයට 16කින් ඉහළට – ජපාන විශේෂඥයින් හෙළිකරයි

387 views
SHARE

නාය යාමට ලක්වූ මීතොටමුල්ල කසල කන්දේ අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් කටයුතු අද දිනටත් ක්‍රියාත්මක වුණා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ කසල කන්ද නාය යාම හේතුවෙන් පුද්ගලයින් 240 දෙනෙකු තවදුරටත් තාවකාලික මධ්‍යස්ථානවල රදවා ඇති බවයි.

මේ අතර, අද පෙරවරුවේ ජපාන විශේෂඥයින් ද මීතොටමුල්ල නාය යාමට ලක්වූ ප්‍රදේශය නිරීක්ෂණය කරනු ලැබුවා.

එම අවස්ථාවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යා විශේෂඥයින් ද එක්ව සිටිනු දක්නට ලැබුණා.

එහිදී ජපාන විශේෂඥයින් පවසා ඇත්තේ කුණු කන්ද නාය ගිය ස්ථානයේ සාමාන්‍ය වාතයේ පැවතිය යුතු මීතේන් වායු ඝනත්වය වැඩිවීමේ ප්‍රතිශතය සියයට 16 කින් ඉහළ ගොස් ඇති බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site