Home News Breaking කරදියාන උද්ඝෝෂණයට උසාවියෙන් නියෝග

කරදියාන උද්ඝෝෂණයට උසාවියෙන් නියෝග

199 views
SHARE

පිළියන්දල කරදියාන කසළ අංගණයට කොළඹ කුණු බැහැර කිරීමට එරෙහිව සිදුකිරීමට නියමිත උද්ඝෝෂණයට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් කොන්දේසි අටක් සහිත නියෝගයක් ඊයේ (21) නිකුත් කර තිබෙනවා.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි, අමල් සිල්වා ඇතුළු මහජන නියෝජිතයින් අටකට එරෙහිව එම නියෝගය කැස්බෑව වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් වීරසිංහ විසින් නිකුත් කරනු ලැබුවා.

උද්ඝෝෂණ අතරතුර කැරළි කෝලහාල සිදුකිරීම, මහජන පීඩා වන අයුරින් මාර්ග අවහිර කිරීම, මහජන දේපළවලට හානිවන අයුරින් කටයුතු කිරීම, අන් පුද්ගලයින්ට හානි කිරීම, අනර්ථයක් සිදුකිරීමට හෝ එසේ කිරීමට ආධාර අනුබල දීම, ජනතාව කුපිත කිරීම වළක්වමින් එම නියෝගය නිකුත් කර තිබෙනවා.

අදාළ නියෝගය දින 14 ක් වලංගු වන අතර එම කාලය තුළදී එම කොන්දේසි කඩකරමින් උද්ඝෝෂණ කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ද සඳහන්.

පිළියන්දල පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි අධිකරණය එම කොන්දේසි සහිත නියෝගය නිකුත් කරනු ලැබුවේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site