Home News Breaking දියවැළකට අසුවී මරු කටේ සිටි රූපලාවන්‍ය ශිල්පිනියන් දෙදෙනෙකු බේරා ගැනේ

දියවැළකට අසුවී මරු කටේ සිටි රූපලාවන්‍ය ශිල්පිනියන් දෙදෙනෙකු බේරා ගැනේ

587 views
SHARE

තම ඥාතී හිත මිතුරන් සමඟ විනෝදයට මීගමු මුහුදේ දිය නෑමට ගිය තරුණ රූපලාවන්‍ය ශිල්පිනියන් දෙදෙනකු දියවැළකට අසුවී ගසාගෙන ගොස්‌ මරුවා සමඟ පොර බදමින් සිටියදී ඔවුන් දෙදෙනාගේ ජීවිත බේරා දීමට මීගමුව සංචාරක පොලිසියට අනුයුක්‌ත ජීවිතාරක්‍ෂක සේවයේ නියුතු සැරයන් (17344) සරත් කුමාර සමත් වී තිබෙනවා.

මීගමුව ඒත්තුකාල වෙරළ උද්‍යානය අසල මුහුදේ ඔවුන් දිය නෑමට පසු ගිය 20 වෙනිදා ගොස්‌ ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරෙන් දිවි ගලවාගෙන ඇත්තේ ජාඇල මාඑළිය ප්‍රදේශයේ පදිංචි මංජුලා රොද්‍රිගු (30) සහ ජාඇල උතුරු බටගම පදිංචි පියුමි බිඳුකලා නමැත්තියන්.

විමර්ශනයේදී අනාවරණ වූ තොරතුරු අනුව මෙම කතුන් දෙදෙනා තම දෙමාපියන් සහ ඥතීන් 20 දෙනෙක්‌ සමඟ මුහුදේ නෑමට මීගමුවට පැමිණ තිබෙනවා.

කතුන් දෙදෙනා ඇතුළු පිරිස මුහුදේ නාමින් සිටියදී ඔවුන් දෙදෙනා දියවැලකට හසුවී දියේ ගිලී මරුවා සමඟ පොරබදමින් සිට ඇති බව සඳහන්.

එම අවස්‌ථාවේ කතුන් වෙත පිහිනා ගිය සැරයන්වරයා ඔවුන්ගේ දිවි ගලවා ගත් බවයි වාර්තා වන්නේ.

අධික ලෙස මුහුදු වතුර පෙවී අසාධ්‍යව සිටි එම කතුන් දෙදෙනාට වහා ප්‍රථමාධාරදී පසුව ඔවුන් පිටත්කොට යවා තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site