Home News Breaking කුරුණෑගල මහ රෝහලේ කාර්ය මණ්‌ඩලයේ 20 කට අධික පිරිසක්‌ ඩෙංගු මාරයාට ගොදුරු...

කුරුණෑගල මහ රෝහලේ කාර්ය මණ්‌ඩලයේ 20 කට අධික පිරිසක්‌ ඩෙංගු මාරයාට ගොදුරු වෙයි

3,848 views
SHARE

කුරුණෑගල මහ රෝහලේ සේවයේ නිරත හෙදි නිලධාරිනියන් ඇතුළු රෝහලේ ප්‍රධාන කාර්ය මණ්‌ඩලයේ හදිසි අනතුරු ඒකකයේ කාර්ය මණ්‌ඩලයේ 20 කට අධික පිරිසක්‌ මාරාන්තික ඩෙංගු රෝගයට ගොදුරුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

රෝහලේ හෙද නිළධාරිනියක් කියා සිටියේ කුරුණෑගල මහ රෝහලේ 07, 03, 57, 46, 47 සහ 65 වාට්‌ටුවල හෙදියන් ඇතුළු කාර්ය මණ්‌ඩලය මෙසේ ඩෙංගු වැළඳී ප්‍රතිකාර ලබන බවයි.

H 1 N 1 වෛරස්‌ උණ රෝගයෙන් පෙළෙන රෝගීන් විශාල පිරිසක්‌ දිනපතාම රෝහලට ඇතුළුවී නේවාසිකව ප්‍රතිකාර ගන්නා බවත් ප්‍රතිකාර ලබන රෝගීන්ට පහසුකම් නොමැතිවීම නිසා රෝගීන් පමණක්‌ නොව කාර්ය මණ්‌ඩලය ද දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් රෝහල් ආරංචි මාර්ග පවසනවා.

රෝහලේ වාට්‌ටුවල නේවාසික රෝගීන් බහුලව සිටීමත් වාට්‌ටුවල තිබෙන ඇඳන් ප්‍රමාණවත් නොවීමත් නිසා රෝගීන් පුටුවට සහ බිම වැතිරී සිටින බවත් මේ නිසා ප්‍රතිකාර කිරීමේදී කාර්ය මණ්‌ඩලය දැඩි අපහසුතාවයට පත්වන බවත් වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site