Home News Politics “මහින්ද රාජපක්ෂට මැරුණු රෙජී රණතුංගගේ අගය අද හරි තේරුම් යාම ගැන සන්තෝෂයි”

“මහින්ද රාජපක්ෂට මැරුණු රෙජී රණතුංගගේ අගය අද හරි තේරුම් යාම ගැන සන්තෝෂයි”

218 views
SHARE

“අපේ තාත්තා මිය යන විට සිටියේ මන්ත‍්‍රීකෙනෙක් හැටියට. ඒ කාලේ තාත්තට ඇමැතිකමක්වත් මහින්ද රාජපක්ෂගෙන් ලැබුණේ නැහැ. එතුමා පාර්ලිමේන්තුවේ සිටියේ අන්තිම පේළියේ මාත් එක්ක. එවැනි නොසලකාහැරීමේ තත්ත්වයක් යටතේයි තාත්තා මිය ගියේ. නමුත් මහින්ද රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයෙන් ආ අයට ඇමතිකම් ලබා දුන්නා. ඒ හැරෙන්නට මහින්ද රාජපක්ෂ විසින් අපේ තාත්තාව කොහොම බලා ගත්තේ කියලා නම් මම දන්නේ නැහැ. නමුත් මහින්ද රාජපක්ෂට මැරුණු රෙජී රණතුංග මැතිතුමාගේ අගය අද හරි තේරුම් යාම ගැන මම සන්තෝෂ වෙනවා.” යයි හිටපු අමාත්‍ය රෙජී රණතුංග මැතිතුමාගේ 80වැනි ජන්ම දින සැමරුමට එක් වෙමින් වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග සඳහන් කළා.

අර්ජුන රණතුංග ඇතුළු පිරිසක් අද පෙරවරු 7.00 උඩුගම්පොළ සුසාන භූමියේ ඇති රෙජී රණතුංග ස්මාරකයට පුෂ්පෝපහාර දැක් වූ අතර ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිස පෙරවරු 9.00 පුෂ්පෝපහාර දැක්වුවා.

“ප‍්‍රසන්න ඊයේ පෙරේදා කියපු කතා අහන කොට අපි වෙනම ඇවිල්ලා තාත්තට ගෞරව දක්වන එක හොදයි. ඔහුත් එක්ක පැමිණියොත් අපිත් ඔහුගේ තත්ත්වයට වැටෙනවා.”

“අපේ තාත්තා නැතිවෙලා අදට අවුරුදු 9ක් වෙනවා. මහජන මුදල් හොරකම් කරපු නැති, ගෞරවනීය දේශපාලනයක් කරපු රෙජී රණතුංග මැතිතුමා වගේ අයෙක් අදවත් හිටපු ජනාධිපතිතුමාට මතක් වීම ගැන පවුලක් විදියට අපි ස්තුති වන්ත වෙනවා. අපේ තාත්තා කොයි වගේ දේශපාලඥයෙක්ද කියලා මුළු මිනුවන්ගොඩ ආසනයේ අයම දන්නවා. ඒ නිසා තාත්තාව විකුණන් කන්නේ නැතිව, තාත්තට පරිභව කරන්නේ නැතිව, තාත්තගේ ප‍්‍රතිපත්ති මොනවාද, පක්ෂය වෙනුවෙන් මොන වගේ කැපවීමක් කළාද, මිනිස්සුන්ට මොනතරම් ආදරය කළාද යන්න සොයා බලා කටයුතු කිරීම වඩාත් වැදගත් වනවා.” යැයිද එම අවස්ථාවට සහභාගී වූ රුවන් රණතුංග ද කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site