Home News Breaking මහනුවර – ගොහාගොඩ කසළ කන්දත් නායයාමේ අවදානමක

මහනුවර – ගොහාගොඩ කසළ කන්දත් නායයාමේ අවදානමක

297 views
SHARE

මහනුවර, ගොහාගොඩ කසළ කන්ද මේ වනවිට නායයාමේ අවදානමක පවතින බව භූ ගර්භ විද්‍යාඥයින් පවසනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භු ගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න පැවසුවේ එම කසළ කන්ද නාය ගියහොත් පාරිසරික ගැටලු රැසක් ඇතිවිය හැකි බවයි.

මහනුවර නගරයේ ඇතුළු ප්‍ර‍දේශ රැසක කසළ ටොන් 100 ක් පමණ මෙම ස්ථානයට බැහැර කරන බව ද ඔහු කියා සිටියා.

මෙම කසළ කන්ද පිහිටා තිබෙන්නේ බෑවුමකයි.

ගොහාගොඩ කසල කන්දෙන් මහවැලි ගඟට අප ජලය එක්වන බවද ඔහු සඳහන් කළා.

මහනුවර නගරයේ කසළ බැහැර කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මේ වනවිට පර්යේෂණ ක්‍රියාත්මක බව ද ඔහු පෙන්වා දුන්නා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site