Home News International මගීන් 239 දෙනෙකු සමගින් අතුරුදන් වූ MH370 යානය තිබෙන තැන ගැන හෝඩුවාවක්

මගීන් 239 දෙනෙකු සමගින් අතුරුදන් වූ MH370 යානය තිබෙන තැන ගැන හෝඩුවාවක්

1,465 views
SHARE

අතුරුදන්වු MH370 යානය ඇතැයි සැලකෙන ස්ථානය පිළිබඳ නවතම හෝඩුවාවක් ලැබී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

යානය සෙවීමේ මෙහෙයුම්වල නිරත ඔස්ට්‍රේලියා සමීක්ෂකයන් පවසන්නේ විමර්ශණ සිදු කෙරෙනු මුහුදු කලාපයේ උතුරු දෙසින් යානය ඇතැයි විශ්වාස කෙරෙන බවයි.

චීනයේ බෙයිජිං නුවර සිට මැලේසියාවේ ක්වාලාලාම්පුර් නුවර දක්වා පියාසර කරමින් තිබියදී MH370 යානය අතුරුදන්වුයේ 2014 වසරේ මාර්තු මස 8 වනදායි.

එය අතුරුදන් වන විට කාර්ය මණ්ඩලය ද ඇතුලුව මගීන් 239 දෙනෙකු එහි ගමන් කරමින් සිටියා.

මෙය සිදුවී දැනට වසර 3 ක් ගතවී ඇතත් මෙතෙක් යානය පිළිබඳ නිවැරදි තොරතුරක් ලබාගැනීමට නොහැකි වුණා.

කෙසේ වෙතත් දකුණු ඉන්දීය මුහුදේ විමර්ශන සිදු කෙරුනු කලාපයේ වර්ග කිලෝ මීටර් 25,000 ක් පමණ වන කලාපයක යානය ඇතැයි ඔස්ට්‍රේලියා සමීක්ෂකයන් සඳහන් කර තිබෙනවා.

පසුගියදා ගුවන් යානා පියාපතක කොටසක් හමුවුව ද එය මෙතෙක් MH370 යානයේ බවට නිශ්චිතව හෙළිකර නොමැති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site