Home News Breaking ‘සයිටම්’ පොදු අයිතියක්‌ කිරීමෙන් මා බලාපොරොත්තුවූ සියල්ල ඉටුවුණා

‘සයිටම්’ පොදු අයිතියක්‌ කිරීමෙන් මා බලාපොරොත්තුවූ සියල්ල ඉටුවුණා

172 views
SHARE

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පොදු අයිතියක්‌ බවට පත්කිරීමෙන් පසු තමා බලාපොරොත්තු වූ සියල්ලම ඉටුවූ බව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සහ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සභාපති දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු ඊයේ (21 දා) මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.

‘සයිටම්’ වෛද්‍ය විද්‍යාලයෙන් දක්‌ෂ වෛද්‍යවරුන් පිරිසක්‌ බිහිවෙනවා දැකීම තමාගේ එකම බලාපොරොත්තුව බව පැවසු දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු
සැත්කමකට භාජනය කරන රෝගියකු වෙනුවෙන් සාත්තු සේවකයකු නැතිනම් එම රෝගියා වෙනුවෙන් ට්‍රොලිය තල්ලු කිරීම, ඇතුළු සේවා කිරීමට පවා තමාගේ රෝහලේ වෛද්‍යවරුන් මුහුණ දීමට සූදානම් යැයිද කියා සිටියා.

තමාගේ සයිටම් ආයතනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගත් ක්‍රියාමාර්ගය අගය කරන බව පැවැසූ දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු ජනාධිපතිවරයා මැදිහත්වී සයිටම් අර්බුදය සඳහා වන විසඳුමට රෝගීන්ගෙන් මුදල් ගසාකන වෛද්‍ය මුදලාලිලා එකඟ නොවීම කනගාටුවක්‌ බව ද වැඩිදුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site