Home News Breaking බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියේ වාර්තාව සුදානම්

බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියේ වාර්තාව සුදානම්

176 views
SHARE

කළුතර ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත් කළ කමිටුව සිය වාර්තාව ලබන සතියේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වෙත බාරදීමට නියමිත බව වාර්තා වනවා.

එම කමිටුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ වාර්තාව මේ වන විට සකස් කර අවසන් බවයි.

එය හෙට(24) දිනයේ මුද්‍රණය කිරීමට සැලසුම් කර තිබෙන බවද සඳහන්.

ඒ අනුව ලබන බදාදා හෝ සිකුරාදා දින එම වාර්තාව පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වෙත බාරදීමට නියමිතව තිබෙනවා.

පසුගිය පෙබරවාරි මස 27 වන දින පෙරවරුවේ බන්ධනාගාර බස් රථයකට එල්ල වු වෙඩි ප්‍රහාරයකින් අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන සමයං ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු ඝාතනයට ලක් වුණා.

එම වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමට පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් රූමි මර්ෂුක්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබුවා.

එම කමිටුව විසින් සිදුකළ විමර්ශන වලින් අනතුරුව අදාළ සිද්ධිය පිලිබද මූලික වාර්තාවක් සකස් කර ඇති අතර ඉදිරියේ දී එවන් සිදුවීමක් වළක්වා ගැනීම සඳහා නිර්දේශ ද එම වාර්තාවට ඇතුළත් කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site