Home C Gossip ගුවන්යානයක් තුලදී බහින්බස්වීමක් දුරදිග යයි – VIDEO/PHOTOS

ගුවන්යානයක් තුලදී බහින්බස්වීමක් දුරදිග යයි – VIDEO/PHOTOS

337 views
SHARE

ගුවන්යානයක් තුළදී ඇති වූ බහින්බස්වීමක වීඩියෝවක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ව්‍යාප්තවීමෙන් අනතුරුව අමෙරිකන් ගුවන් සමාගමට අයත් සේවකයෙකුගේ සේවය අත්හිටුවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

අදාළ ගුවන් සේවකයා හා ගුවන් මඟියෙකු අතර ගුවන්යානය තුළදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඒ අවස්ථාවේ උණුසුම්කාරී තත්ත්වයක් උත්ගත වී ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන්යානය තුළ හඩමින් සිටි කාන්තාවක හා තවත් පුද්ගලයෙකු අතර ඇතිවන බහින්බස්වීමකදී මෙම ගුවන් සේවකයා අදාළ පුද්ගලයාට බැනවැදීමක් හෝ ප්‍රහාර එල්ල කිරීමට සූදානම්වීමක් අදාළ වීඩියෝවේ දක්නට ලැබෙනවා.

ඒ අවස්ථාවේ ඔවුන් අතර ඇති වූ උණුසුම්කාරී තත්ත්වය කිසියම් පුද්ගලයෙකු විසින් වීඩියෝගත කර සමාජ ජාල මාධ්‍යට මුදා හැර තිබෙනවා.

සිද්ධියෙන් පසු අදාළ ගුවන් සේවකයාගේ සේවය අත්හිටුවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අමෙරිකන් ගුවන් සමාගම පරීක්ෂණ ආරම්භ කර ඇති බවද සඳහන්.

අමෙරිකන් ගුවන් සේවයට අයත් ෆ්ලයිට් 591 යන ගුවන් යානය තුළදී මෙම සිද්ධිය සිදු වී තිබෙන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site