Home News Breaking පර්පචුවල් ට්‍රෙෂරීස් යලිත් බැඳුම්කර ගනුදෙනුවක

පර්පචුවල් ට්‍රෙෂරීස් යලිත් බැඳුම්කර ගනුදෙනුවක

164 views
SHARE

මහ බැංකුවේ ආන්දෝලනයට තුඩු දුන් බැඳුම්කර සිද්ධියට චෝදනා ලද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම නැවත වරක් බැඳුම්කර මිලදීගැනීමට ඉදිරිපත්වී සිටින බව වාර්තා වනවා.

මෙවර රුපියල් මිලියන 21,000 භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සඳහා එම සමාගම ලංසු තබා ඇති බවයි සඳහන් වන්නේ.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අයත් වන්නේ ආන්දෝලනයට තුඩු දුන් බැඳුම්කර සිද්ධිය වූ සමයේ මහ බැංකු අධිපතිවරයා වූ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන ඇලෝසියස් හටයි.

මේ සිද්ධිය ගැන ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ගනුදෙනු කිරීමට තහනමක් පනවා නැති බැවින් ඔවුන්ට ලංසු තැබිමට නීත්‍යනුකූලව හිමිකමක් ඇති බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site