Home C Gossip UNP එකට යන කතාව ගැන විමල්, මුල් වරට මාධ්‍යට හෙළි කල දේ

UNP එකට යන කතාව ගැන විමල්, මුල් වරට මාධ්‍යට හෙළි කල දේ

3,747 views
SHARE

විමල් වීරවංශ සිරගත කිරීම දේශපාලන වශයෙන් අර්ථකථනය කර තිබුණේ ඔහුගේ හඬ නිහඬ කිරීම සඳහා ඔහුව සිරගත කර ඇති බවයි.

මාස 3 ක්‌ සිරගත කර තිබූ එම හඬ යළි අවදි වී ඇති අතර, ඔහුගේ සිරගත ජීවිතය පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලනය පිළිබඳව ද සති අන්ත පුවත් පතක් සමඟ ඔහු කල සංවාදයකින් කොටසක් මේ.

ප්‍රශ්නය- ඔබගේ හඬ නිහඬ කිරීම සඳහා ඔබ සිරගතකළ බවට චෝදනා එල්ල කළත් අගමැති රනිල් වික්‍රමසිංහ මැදිහත් වී ඔබට ඇප ලබාදුන් බවට ප්‍රති චෝදනාවක්‌ එල්ල වී තිබෙනවා.

එම චෝදනාව පිළිබඳව ඔබගේ ස්‌ථාවරය කුමක්‌ද?

පිළිතුර- රනිල් වික්‍රමසිංහ මැදිහත්වී මට ඇප ලබාදුන්නා නම් ඒ කියන්නේ මට මාස තුනක්‌ ඇප නොදී තබාගෙන ඉඳල තිබෙන්නෙත් රනිල් වික්‍රමසිංහ විය යුතුයිනේ. ආණ්‌ඩුව අපිව හිරේ දැම්මහම කියනව එක කතාවක්‌. ඇප නොදී මාස තුනක්‌ තියාගෙන ඉන්න කොට කියනව තව කතාවක්‌. මාස තුනකට පසු ඇප අරගෙන එළියට ආවට පසු කියනව තව කතාවක්‌. කතා කියන අයට මොනව කරත් කතා කියන්න පුළුවන්.

ඇප ලබාදෙන්නේ අධිකරණයෙන්. එසේ නොමැතිව සිරිකොතෙන් ඇප ලබාදෙන්නේ නැහැනේ. ඇප ලැබෙන එක නොලැබෙන එක අගමැතිට තීරණය කිරීමට පුළුවන් නම් ඔය කියන කතාව හරි වෙන්න පුළුවන්.

ප්‍රශ්නය- ඔබ ඇප ලබා ගැනීම සඳහා ඔබගේ දියණිය පවා යොදා ගත් බවට සමහර පුද්ගලයන් චෝදනා කරනවා.

පිළිතුර- මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා ගැනීමට නම් සුවිශේෂ හේතුවක්‌ තිබිය යුතුයි. මම දන්න විදියට මීට පෙර ඔය කියන පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ සියලු දෙනාගේම පාහේ සුවිශේෂ හේතුව වී තිබෙන්නේ තමන්ගේ දරුවන්ට ඉන් ඇතිවී තිබෙන මානසික ව්‍යාකූලත්වය. එම තත්ත්වය තමන්ගේ දරුවකුගේ ඇති වුණහම එම වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීම නීතිඥයන්ගේ කාර්ය භාරයක්‌. එය තමන්ගේ දරුවන් පාවිච්චි කිරීමක්‌ නොවෙයි. එය තමන්ගේ දරුවකු මානසිකව රෝගී තත්ත්වයට පත්වීමට තිබුණද, අවදානමෙන් ගොඩ ගැනීම සඳහා අධිකරණයෙන් කරන ඉල්ලීමක්‌.

මා අත්අඩංගුවට ගත් පසු මගේ දුවගේ ඇති වන මානසික පීඩන තත්ත්වය වෛද්‍ය වාර්තා අනුව අධිකරණයට ඉදිරිපත් කිරීම වරදක්‌ වන්නේ කොහොමද? ඔය අපව හිරේට දාන මෙහෙයුමේ හිටපු ආණ්‌ඩුවයි, ආණ්‌ඩුවේ අනුබද්ධ විපක්‍ෂයයි නගන බොරු චෝදනා. ඔවුන් සිතුවේ අපි හිරේ දැම්මහම රෝහල් ගත වෙලා, කිසිම පොතක්‌ නොලියා අනෙක්‌ අයගේ තත්ත්වයට පත්වේවි කියල. සිරගත ජීවිතයේ අභියෝගය අපි භාරගත්තා. හිරේ දැම්මහම අපි බඩගින්නේ වුවත් ඉන්න සූදානම් කියන එකත් පෙන්වූවා. එම දේශපාලන ක්‍රියාදාමයේ වටිනාකම කෙලෙසීම සඳහා ඔය සතුරු බලවේග මොන මොනව හරි කියනවා. ඔවුන්ට වෙන ජොබ් එකක්‌ නෑ ඒක කියන එක හැරෙන්න.

ප්‍රශ්නය – ඔබ පොත් දෙකක්‌ රචනා කළ බවත් සඳහන් කළා.

පිළිතුර – “රටට වුවමනා වම” යන කෘතිය මුද්‍රණය බාරදීමට පමණයි තිබෙන්නේ. එම කෘතිය මගින් මම ප්‍රධාන වශයෙන්ම පෙන්වාදීමට උත්සාහ කරන්නේ, අපේ රටේ වාමාංශික දේශපාලනය බෞද්ධ සභ්‍යත්වයත් සමඟ මුසු වෙන්න ඕනි ඇයි කියෙන කාරණය. ඒ වගේම බෞද්ධ සභ්‍යත්වය කියන්නේ කුමක්‌ද කියන එක සහ රාජ්‍ය පාලනයේදී බෞද්ධ සභ්‍යත්වය යොදා ගන්නේ කෙසේද කියන කාරණයත් මෙම කෘතිය මගින් සාකච්ඡා කරනවා.

“විලංගු ලූ අක්‍ෂර” නමිනුත් කෘතියක්‌ රචනා කළා. එය පිටු 400 – 500 අතර පොතක්‌ බවට පත් වේවි. එම පොත මගින් එදිනෙදා සිරගත ජීවිතය තුළ ලබපු අත්දැකීම් සහ මම කියවපු පත – පොත ඇසුරින් ලබපු අවබෝධය ඇතුළත්කරපු දෛනික සටහන්වලින් යුතු කෘතියක්‌ එය. එහි කටයුතුත් දැන් සියයට අනූවක්‌ පමණ අවසන් වී තිබෙනවා. මැයි මාසය තුළදී මෙම කෘතීන් දෙක එළිදැක්‌වීමට පුළුවන් වේවි කියල අපි බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය – ඔබ ඇඳපු චිත්‍ර මොනවාද?

පිළිතුර – ඇත්තටම මම චිත්‍ර 30 ක්‌ වත් අඳින්න උත්සාහ කළා. චිත්‍ර ප්‍රදර්ශනයක්‌ පැවැත්වීම සඳහා. නමුත් උපවාසය ආරම්භ කළ නිසා චිත්‍ර 15 ක්‌ පමණ තමයි අඳින්න පුළුවන් වූයේ. සමහර විට තවත් චිත්‍ර 15 ක්‌ පමණ ඇඳල ඉදිරියේදී ප්‍රදර්ශනයක්‌ වුවත් පැවැත්වීමට ඉඩ තිබෙනවා.

කෙසේ වුවත් පාසල් සමයේ සිට චිත්‍ර ශිල්පයට මම ඇලුම් කළා. මම හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ අමතර පංතියකට පවා සහභාගි වී චිත්‍ර ශිල්පය ඉගෙන ගැනීමට උනන්දු වූවා. නමුත් පසුගිය කාලයේ චිත්‍ර අඳින්න පුළුවන්කමක්‌ තිබුණේ නෑ. සිරගත කාලයේදී එම හැකියාවට යළි පණ දෙන්න පුළුවන් වූවා.

පොත් දෙකක්‌ ලියන්න පුළුවන් වූවා. චිත්‍රත් අඳින්න පුළුවන් වූවා. ඒ අතින් බැලුවහම සිරගත කළ අයට ස්‌තුතිවන්ත වෙනවා.

ප්‍රශ්නය – ඔබ එක්‌සත් ජාතික පක්‍ෂයට එක්‌වීමට සූදානම් වන බවට වාර්තා පළ වී තිබෙනවා. එම වාර්තා පිළිබඳව ඔබගේ අදහස කුමක්‌ද?

පිළිතුර – සභාවේ සිනා කියල තමයි කියන්න තිබෙන්නේ. දැන් මෙහෙමනේ, ඔය කතා හදන අය මාස 3 ක්‌ හිරේ ඉඳල එන කොට කියනවා රනිල්ගෙන් ඇප ලබා ගෙන ආවා කියලා. නමුත් ඇතුළට දැම්මේ කවුද කියල කියන්නේ නැහැ. එයට අයිතිකාරයෙක්‌ නෑ. නමුත් මාස 3 කින් ඇප ලබාගෙන එනකොට ඊට අයිතිකරුවකු හදනවා.

ඊට පසුව එයටම සම්බන්ධ කරල කතා හදනවා. එක්‌සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ වෙන්න යනවා කියලා. ඇත්තටම ඔය කතා හදන අය හදපුවාවේ. නමුත් මේ කතාව ඇත්තද කියල කවුරු හරි අසනවා නම්, එම ප්‍රශ්නය තරම් අවමානයක්‌ නැහැ තවත්. මොකද යූ. එන්. පී. එකට යනවා කියන මගේ ජීවිතයට සිද්ධ වෙන්නේ නැති දෙයක්‌. අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රය කරගසාගත් යූ. එන්. පී. එකට අපි යනවා නම් මැරිල යළි ඉපදිය යුතුයි. එය කිසිසේත්ම සිද්ධ වෙන දෙයක්‌ නොවෙයි.

උපුටා ගැනීමකි

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site