Home News Breaking 5 වසරට අලුත් විභාගයක්

5 වසරට අලුත් විභාගයක්

228 views
SHARE

ගණිතය හා භාෂාව පිළිබඳ සාධන මට්ටම් ඇගයීමේ විභාගයක් පැවැත්වීමට ජාතික අධ්‍යාපන කොමිසම යෝජනා කර තිබෙනවා.

එහි සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක පැවසුවේ පාසල් වල 05 වන ශ්‍රේණියේ දී මෙම විභාගය පැවැත්වීමට යෝජනා කර ඇති බවයි.

ඊට අදාළ යෝජනා ඇතුලත් නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට මේ වනවිට භාර දී ඇති බවද ඔහු සඳහන් කළා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල්වල පළමු ශ්‍රේණියේ සිට 05 වන ශ්‍රේණිය දක්වා විභාග නොපැවැත්වීමට ද යෝජනා කර ඇති බවයි මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක කියා සිටියේ.

ප්‍රාථමික ශ්‍රේණිවලදී සිසුන්ට අනවශ්‍ය පීඩනයක් ඇති නොවන පරිදි විෂය නිර්දේශ සකස් කිරීමට නව යෝජනා රැසක් එම ප්‍රතිපත්තියට ඇතුලත් කර ඇති බව ද වැඩි දුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site