Home News Breaking ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක අංශ ප්‍රධානියා වහාම ඉවත් කරන්නැයි නියෝග

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක අංශ ප්‍රධානියා වහාම ඉවත් කරන්නැයි නියෝග

230 views
SHARE

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිලධාරීන්ට මරණ තර්ජන කළේ යයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක අංශ ප්‍රධානියා වහාම එම තනතුරින් ඉවත් කරන ලෙස බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ රාජ්‍ය පාලන සමය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ සිදුවු බව කියන දුෂණ වංචා සිද්ධීන් පිළිබඳව බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හෙළි කළැයි එම නිලධාරීන්ට අඩන්තේට්ටම් හා මරණ තර්ජන කල බව හෙළිවී ඇති බව සඳහන්.

රාජපක්ෂ පාලන සමය තුළදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙස පත්ව පැමිණ මේ දක්වා සේවා දිගු තුනක් ලබාගනිමින් එහි සේවය කරන බව කියන විශ්‍රාමික මේජර් ජනරාල් පියදිගමගේ චන්ද්‍රවංශ නමැත්තා අදාළ තනතුරින් ඉවත් කරන ලෙස බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට මෙලෙස දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අදාළව බරපතල කොමිසමට ලැබුණු පැමිණිලි හතරක් සම්බන්ධයෙන් කොමිසම විසින් පරීක‍්ෂණ සිදු කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site