Home News Sports IPL ගහන්න ගිය මැතිව්ස් හදිස්සියේම යලි ලංකාවට ආවේ ඇයි ?

IPL ගහන්න ගිය මැතිව්ස් හදිස්සියේම යලි ලංකාවට ආවේ ඇයි ?

273 views
SHARE

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට එක්වීම සඳහා ඉන්දියාවට ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (23දා) යලි දිවයිනට පැමිණියා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැනුම් දිමකට අනුවයි.

ජුනි මසදී එංගලන්තයේ පැවැතවීමට නියමිත ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරා ගන්නා කණ්ඩායම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාව අද දිනයේදී ක්‍රිකට් ආයතනයේදී පැවැති අතර තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා.

තෝරා ගත් කණ්ඩායම හෙට දිනයේදී මාධ්‍ය වෙත මුදාහැරීමට නියමිතයි.

ජුනි මස ඇරඹෙන තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මැයි 18 දා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත අතර තරගාවලියට පෙරාතුව පුහුණු තරග හතරක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන බවද වාර්තා වනවා.

ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම නුවර පල්ලෙකැලේ පිටියේදී දින හයක පුහුණුවක් සඳහා එක්වීමටත් නියමිතව තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site