Home News Breaking මීතොටමුල්ලේ තවත් පිපිරීම් ඇති වෙන්න පුළුවන් – විශේෂඥ කණ්ඩායම අනතුරු අඟවයි

මීතොටමුල්ලේ තවත් පිපිරීම් ඇති වෙන්න පුළුවන් – විශේෂඥ කණ්ඩායම අනතුරු අඟවයි

192 views
SHARE

මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිත ප්‍රදේශය තුළ මීතේන් වායුව අවදානම් සහිත ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව ඒ පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා මෙරටට පැමිණ සිටින ජපානයේ තාක්ෂණික විශේෂඥයන් ප්‍රකාශ කරනවා.

‍පොළොව හා කුණු කන්ද අතර පවතින වායුව භයානක තත්ත්වයක පවතින බවත්, ඇතැම් ස්ථානවල මීතේන් වායුව සියයට 16ක පමණ ඉහළ ප්‍රතිශතයක පවතින බවත්, ජපාන විශේෂඥ කණ්ඩායම සඳහන් කළා.

මේ තත්ත්වය අනුව එම ප්‍රදේශය තුළ පිපිරුම් තත්ත්වයක් මතුවිය හැකි බවත් විශේෂඥ කණ්ඩායම අනතුරු අඟවා සිටිනවා.

මෙම භයානක තත්ත්වය යටතේ බැකෝ යන්ත්‍ර ප්‍රදේශයෙන් ඉවත් කිරීම වඩාත් යෝග්‍ය බවත්, ගිනි ඇවිලෙන සුලු ද්‍රව්‍යයද ප්‍රදේශයෙන් ඉවත් කිරීමට අතිශය වැදගත් බවද ජපාන විශේෂඥයෝ මාධ්‍ය වෙත සඳහන් කරනු ලැබුවා.

මෙම කුණු කන්ද සම්බන්ධව තම විශේෂඥ වාර්තාව 25 දින නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවද ජපාන විශේෂඥ කණ්ඩායම සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site