Home News Breaking ජනතාවගේ දෛනික ජිවිතයට බාධා කල ඛනිජ තෙල් සේවකයන්ගේ වැඩ වර්ජනය -PHOTOS

ජනතාවගේ දෛනික ජිවිතයට බාධා කල ඛනිජ තෙල් සේවකයන්ගේ වැඩ වර්ජනය -PHOTOS

444 views
SHARE

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඛනිජ තෙල් වෘත්තිය සමිති කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විටත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝල‍ම් දක්නට ලැබෙන බව C news වාර්තාකරුවන් පවසනවා.

ඒ හේතුවෙන් මාර්ග තද බදයක්ද ඇති වී තිබෙන බවයි ඔවුන් සඳහන් කලේ. තවද “ඉන්ධන නොමැත” යනුවෙන් සඳහන් කල පුවරුද ඉන්ධන පිරවුම් අසල දක්නට ලැබූ බව අප වාර්තාකරුවන් වැඩි දුරටත් සඳහන් කළා.

මේ හේතුවෙන් සාමාන්‍ය ජනයාගේ ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය, හා චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමිවිය යුතු බවයි.

ඊට අමතරව සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීම ඔවුන්ගේ ඉල්ලීම් අතරට අයත් වනවා.

ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී. ජේ. රාජකරුණා සඳහන් කරන්නේ සිය වර්ජනය හේතුවෙන් දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බලපෑම් එල්ල වන බවයි.

මේ අතර ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් සංස්ථා ශාඛාවේ සභාපති ආනන්ද පාලිත පැවසුවේ, වර්ජනය සඳහා තමන් සහය නොදෙන බවයි.

වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වුව ද රටපුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි තොග ගබඩා පර්යන්තයේ සභාපති ෂෙහාන් සෙනවිරත්න පැවසුවේ, ජනතාව ඒ පිළිබඳව කළබල විය යුතු නොමැති බවයි.

වර්ජකයින්ගේ ගැටලු සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවද ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති ෂෙහාන් සෙනවිරත්න කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site