Home News Breaking රටින් පනින්න හැදු පාතාල සාමාජිකයා කොටු

රටින් පනින්න හැදු පාතාල සාමාජිකයා කොටු

396 views
SHARE

කුරුණෑගල ප්‍රදේශයේ හෝටලයකදී ‍පොලිස් පරීක්ෂකවරයකුට වෙඩි තබා ඝාතනය කර පළා ගිය පාතාලයේ සැකකරුවකු ඊයේ රාත්‍රී රටින් පැන යාමට තැත් කිරීමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කටුනායකදී අත්අඩංගුවට ගෙන කුරුණෑගල ‍පොලීසිය වෙත අද (23 දා) භාර දී තිබෙනවා.

කුරුණෑගල මාස්‍පොත ප්‍රදේශයේ හෝටලයකදී සැකකාර පිරිසක් පරීක්ෂා කිරීමට යාමේදී කුරුණෑගල ‍පොලීසියේ එවකට සේවය කළ උප ‍පොලිස් පරීක්ෂකවරයකුට වෙඩි තබා ඝාතනය කොට පාතාල සාමාජිකයන් පිරිසක් පැනගොස් සිටි අතර එයින් එක් තැනැත්තකු පසුදිනක බස් රථයක ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉතිරි සාමාජිකයා මැණික්හින්න ප්‍රදේශයේ සිටින බවට ලත් තොරතුරක් මත මාවතගම ‍පොලීසිය පසුගිය වසරේ නොවැම්බර් මස ඔහුගේ නිවස පරීක්ෂා කර ආයුධද සොයාගෙන තිබෙනවා.

ඊයේ කටුනායකදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මැණික්හින්නේ උපංගසිරි මහානාම නමැති පාතාල සාමාජිකයායි.

කුරුණෑගල ‍පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site