Home News Breaking සෙවිලි තහඩු සොරකමේ ගිය තිදෙනෙකුට ගම්මුන් දුන් අපූරු දඬුවම

සෙවිලි තහඩු සොරකමේ ගිය තිදෙනෙකුට ගම්මුන් දුන් අපූරු දඬුවම

246 views
SHARE

තලාව, බිදුන්කඩ පිහිටි නිවාස ව්‍යපෘතියක නිවාස වල ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු ගලවාගෙන යාමේ සංවිධානාත්මක කල්ලියක සමාජිකයන් තිදෙනෙකු ගම්මුන් විසින් කොටුකර අල්ලා ගෙන ගස්බැද අද උදෑසන පරික්ෂණ සදහා තලාව පොලිසියට බාරදී තිබෙනවා.

මාස කිහිපයක සිට තලාව පොලිස් වසමේ හිදෝගම සමනල පාර බිදුන්කඩ ප්‍රදේශයේ පිහිටි චන්ද්‍රාණිගම රජයේ නිවාස ව්‍යාපෘතියේ පිහිටි නිවාස රැසක සෙවිලිකර තිබූ සෙවිලි ඇස්බැස්ටෝස් ගලවාගෙන යාම සම්බන්ධයෙන් ගම්මුන් අවධානයෙන් සිට ඇති අතර ඊයේ රාත්‍රීයේ නිවසක තිබූ අස්බැස්ටෝස් සෙවිලි තහඩු 26ක් ගලවා රැගෙන යාමත් සමග ගම්වාසීන් සැකකරුවන් ඇල්ලීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා.

ඔවුන් නිවසේ සෙවිලි තහඩු ගලාවා රැගෙනගිය ලොරි රථයේ ටයර් පාර දිගේ ගමන් කරද්දී ප්‍රදේශයේ පිහිටි නිවසකට එය ඇතුල්කර තිබෙන අයුරු දැක නිවෙස් හිමියන්ගෙන් ලොරි රථයකින් කවුරුන් හෝ පිරිසක් පැමිණියේ දැයි විමසා තිබෙනවා.

ඒ අවස්ථාවේ තරුණයන් සිව් දෙනකු හා වයෝවෘද්ධ පුද්ගලයෙකු එහි පැමිණි බවත් ඔවුන්ගේ යතුරු පැදියක් නිවසේ නතරකර පසුව රැගෙන යාමට පැමිණෙන බව පවසා පිටත්ව ගිය බවත් අදාල නිවසේ හිමිකරුවන් ගම්මුන්ට පවසා ඇති බව සඳහන්.

ඒ අනුව බිදුන්කඩ ගම්මානයේ තරුණයන් විසි දෙනෙකු පමණ ඇස්බැස්ටෝස් තහඩු සොරකමේ නිරත පිරිස අල්ලා ගැනීමට කැලෑවේ සැගවී සිට ඇති අතර සැකකරුවන් තිදෙනෙකු තවත් යතුරු පැදියක නැගී නිවසේ නතර කරගිය යතුරු පැදිය රැගෙන යාමට පැමිණි අවස්ථාවේ වටකර අල්ලාගෙන පහරදී ගම්මානයේ මාර්ගයේ තිබූ විදුලි කණුවක ගැටගසා ඒපිළිබඳව තලාව පොලිස්ථානයට දන්වා තිබෙනවා.

පොලිස් නිළධාරීන් පැමිණ බැදදමා සිටි වයස අවුරුදු 25 පමණ වන තරුණයන් දෙදෙනෙකු හා වයස අවුරුදු 55 ක පමණ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඔවුන් පැමිණි බව කියන යතුරු පැදි දෙකක්ද පොලිස් භාරයට ගනු ලැබුවා.

ඔවුන්ගේ ප්‍රකාශ මත අනුරාධපුර නගරයේ තුන්වන පියවර ජයසිරිපුර ප්‍රදේශයේ නිවසක සගවා තිබු සෙවිලි තහඩු තොගය පොලිසිය විසින් සොයා ගත්තා.

සිද්ධියට සම්බන්ධ බව කියන තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය පරික්ෂණ සිදු කරනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site