Home Diyawanna Susthara බල්ලොත් මරණ වෙසක්

බල්ලොත් මරණ වෙසක්

4,904 views
SHARE

මේ ටිකේ මීතොටමුල්ල ගැන හිත හිතා හිටියා මිසක් වෙන දෙයක් තිබුණේම නැහැ. හරිම දුකයි. දියවන්නාවත් තාම නිවාඩු. නිකන් ඉන්න බැරි කමට ගියා පොඩ්ඩක් බුකිය පැත්තේ. අප්පට බෝල ගිණි විජ්ජුබ්බරයයි. මල හත් ඉලවුවේ බුකිය රත් වෙලා බලු කේස් එක්ක. දෙයියනේ කියලා රෙද්දක් පටලෝගෙන සිල් ගන්න කියලා හිත පහදවා ගෙන හිටියා. මේ බලු ස්ටෝරි එක්ක නිකං රෙදි ගැලවිලා ගියා වගේ. මොකද්ද අප්පේ මේ කියලා තියෙන අවනඩුව “වෙසක් කලාපය නිසා, වෙසක් වලට කලින් කොලොම් පුරේ ඉන්න බල්ලෝ ටික මරන්න කියලා අපේ දියවන්නාවේ ලොකු අයියලා ඕඩර් එකක් දිලාලු “. සහගහන කතාවක් ද යකෝ මේක. ශික් වෙසක් එකේ අශික් එක එහෙන්මම කුජීත කරලා දැම්මා.

මේ කෙස් එකෙන් කැලබිලා ඉන්නේ නෝනලා මහත්තුරු හරිම ශෝක මානව හිතවාදීන් ටිකක්. අපේ රටේ සමාජ ක්‍රියාකාරීන් කියාගෙන ලේබල් අලෝගෙන ඉන්නේ වැඩි හරියක් මොකක් හරි සුද්දන්නට විකුණන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්න සෙට් එකක්. මෙයාලා මොනා හරි බයිලා කෑල්ලක් ඉංග්‍රීසියෙන් දා ගන්නවා. ඉතිං ඕක අන්තර්ජාලෙට හරි පත්තරේකට ඔබා ගන්නවා. බොරුවට බෝර්ඩ් ලෑල්ලක් එල්ලගෙන කෑ ගහනවා. සේරම ඔය නාඩගම් කෑලි ටික ඔබලා ලොකූ කරලා දාගෙන සුද්දෙක්ට විකුනනවා.

දැන් බල්ලෝ මරන්න කියලා ඇමති ෆයිසර් මුස්තාපා කියුවා කියලා අනේ අම්මෝ දාලා තියෙන කුණු හරප ටික. ඒ මදිවට එහෙම මරනවා හරි බල්ලෝ එකතු කරනවා දැක්කොත් ඒක රෙකෝඩ් කරලා එයාලට එවන්න කියලාත් දාලා. එක්කෝ හරි නම් මේක බලධාරීන් එක්ක කතා කරන්න ඕන නැත්නම් සත්තුන්ව බේර ගන්න කියන්න ඕන. එහෙම එකක් නොකියා මරණ සත්තුන්ව රෙකෝඩ් කරලා එවන්න කියන එකෙන්ම පේනවනේ මොකද්ද මේකේ ගේම් එක කියලා. එක පැත්තක ෆයිසර් අනෙක් පැත්තේ බල්ලෙක් මේකනේ ඉතින් ජාතිවාදය කියන්නේ.

බල්ලෙක් නිකන් හරි පාරේ දාලා ගියොත් රුපියල් 25,000 දඩයක් ගැහුව ෆයිසර් ඇමති බල්ලෝ මරන්න කියුව ද ? මේකේ ඇත්ත නැත්ත අහන්නම ඕන කියලා හිතලා ගැහුවා කෝල් එකක් ඇමති ෆයිසර්ට. “

මේක අමූලික බොරුවක්. මන් මේ සත්ව හිංසන පනත හදනවා සතුන් ආරක්ෂා වෙන්න. එහෙවු මම මරන්න කියනවද. මගේ කිසිම ජාතිවාදී දෙයක් නැහැ. මම අස්ගිරි නාහිමියන්ගේ ආශීර්වාදය අරගෙන නුවර දින්නා. මම දන්නවා ජාතිවාදීන් මට කුමන්ත්‍රණය කරනවා කියලා ” අනේ අම්මෝ ඇමති ෆයිසර් ෆයර් වෙලා කියාගෙන කියාගෙන ගියපියකෝ. ඔන්න ඕකයි ඇත්ත.

හිතන්න එපා ඔන්න අශ් ගේ කෝලම කඩේ යනවා කියලා. අපිට පාට පැති නැහැ කියන්න තියෙන දේ කෙළින්ම ඇහුවා ලිවුවා. දැන් ෆයිසර් ඇමතිගේ මේක සේරටම දැන ගන්න කිවුවම අපේ බලු කෙස් එකට අහු වුන අක්කලා කියනවා, එහෙම වැඩක් අමත්‍යන්ශේ තිබ්බලු දැන් මෙහෙම කියනවලු.

මාර රෝයිටර්ල ඉන්නේ. මේ සි.අයි.ඩි. සෙට් එක දාන්න තිබ්බේ මිට කලින් යුද්ධෙ කාලේ උඩහට එහෙම උනානම් යුද්ධෙ කලින්ම ඉවර කර ගන්න තිබ්බා . අනේ බන් දන්නා ශිල්පය හොද දේකට යොදව පල්ලකෝ. එතකොට අඩුම කියවන එකෙක් හරි බුකියේ දාන එකක් කියවලා එක වචනයක් හරි එකෙන් ඉගෙන ගනීවි. මේ වෙසක් පිරෙනකොට ඉන්න තැනම පොලොව පලාගෙන යන බොරු කියන්නේ නැතුව.

ඒ කියනකොට මතක් වුණේ ඕන් දැන් වෙසක් වලට දැන්ම තියාම උන බටයක් එහෙම හොයාගෙන කුඩු හදන්න පටන් අරන්. අපේ ඇමති විජේ ඒ අස්සේ අල්ලුවනේ හොද අන්තර්ජාතික අඩවුවක්. ඒ නිසා ඔන්න මේ පාර අපේ වෙසක් වලට ජාතියන්තරේ එනවා. අනේ ඉතින් ඒකත් එක්ක මතක් වුණේ ගෙවුණු නත්තල. අර ඇදවුණු ලෝකේ ලොකුම නත්තල් ගහ රෙකෝඩ් එක එහෙම අපි තිබ්බේ. ඕක එක්ක පිනකට වගේ අපේ විජේ අයියගේ කටින් නම් ලොකු වෙසක් කුඩුවක් හදන කතාවක් නම් කියවුණේ නැහැ. ඒ නත්තල වගේ මේ වෙසග වෙන්න එපා කියලා නම් ප්‍රාර්ථනා කරනවා.

උබලත් ඉතින් බුකියේ තමයි නේද කාලේ ගෙවන්නේ ? මේක එක්ක මතක් වුණා අපේ ලොකු අයියා ශාලුගේ කතාවක් “ඔය රෙද්දේ හැම වේලේම වැටෙන ලයික් ටික ගණන් කර කර ඉන්නේ නැතුව, ඔකේ ඔබන හැම රෙද්දම කියවලා රත් වෙන්න නැතුව පොඩ්ඩක් විමසිල්ලෙන් ඉදගෙන දැණුමට දෙයක් දා ගනින්” ඇත්ත කතාව මොන කතා ගියත් හොදට අහලා හොයල බලල ඔළුවට දා ගන්න හොදේ…. ඕක තමයි බෝලාටත් කියන්න තියෙන්නේ.

එහෙනම් හම්බවෙමු දියවන්නාවේ කෝලමකින්…
මම ආෂ් වරූ

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site