Home News Breaking තෙල් වර්ජනය අවසන්

තෙල් වර්ජනය අවසන්

256 views
SHARE

අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් පසුව සිය වර්ජනය අත්හැරීමට වෘතීය සමිති එකඟ වූ බව ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කළා.

ත්‍රිකුණාමලය – චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පැවරීමට රජය තීරණය කර ඇති බව පවසමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව මෙම වැඩවර්ජනය ආරම්භ කළා.

වෘත්තීය සමිති නියෝජිතයින් සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවතියද එම සාකච්ඡාව විසඳුමකින් තොරව තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

නැවතත් ඊයේ සවස වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි එම නියෝජිතයන් තම වෘත්තී ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කර තිබෙන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site