Home News International ආරක්ෂක අමාත්‍යවරයා සහ හමුදාපතිවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වෙයි

ආරක්ෂක අමාත්‍යවරයා සහ හමුදාපතිවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වෙයි

208 views
SHARE

ඇෆ්ගනිස්ථානයේ හමුදා කඳවුරකට එල්ලවූ තාලිබාන් ප්‍රහාරයෙන් අනතුරුව එරට ආරක්ෂක අමාත්‍යවරයා සහ හමුදාපතිවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්ව තිබෙනවා.

පසුගිය සිකුරාදා එල්ලවූ මෙම ප්‍රහාරය වාර්තා වූයේ දශකයකට වැඩි කාලයක් ඇතුළත ඇෆ්ගන් හමුදාවට එල්ලවූ දරුණුතම තාලිබාන් ප්‍රහාරය ලෙසින්.

මෙම වෙඩි ප්‍රහාරයට ගොදුරුවී මිය ගිය සොල්දාදුවන්ගේ ගණන තවමත් පැහැදිලි නැති අතර ඇතැම් වාර්තා සඳහන් කරන්නේ සොල්දාදුවන් දෙසීයක් පමණ මියයන්නට ඇති බවයි.

ස්ව කැමැත්තෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව වාර්තාකරුවන් අමතමින් කතාකළ ඇෆ්ගන් ආරක්ෂක ඇමති අබ්දුල්ලා හබිබි පවසා තිබෙනවා.

“ඉල්ලා අස්වෙන්න කියල මට කිසිම කෙනෙක් බලපෑම් කළේ නැහැ. ඒක ජාතියේ නාමයෙන් මගේ කැමැත්තෙන් ම ගත් තීරණයක්. මම විශ්වාස කරනවා තරුණ පරම්පරාව හිඩැස පුරවාවී කියල. ඒ වගේම සාර්ථකත්වය කරා යයි කියලා. මේ ප්‍රශ්නය ඔවුන්ට විසඳන්න පුළුවන් වෙයි.” යනුවෙන් ඔහු පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site