Home News Breaking රන්ජන් ගේ පක්ෂ කාර්යාලයට ප්‍රහාරයක්

රන්ජන් ගේ පක්ෂ කාර්යාලයට ප්‍රහාරයක්

267 views
SHARE

සමාජ සුභසාධන හා සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක ගේ මරදගහමුල පිහිටි පක්ෂ කාර්යාලයට ඊයේ 24 පස්වරු 4.00 ට පමණ කඩා වැදුනු ප‍්‍රාදේශිය දේශපාලඥයකු කළ පහරදීමකින් එහි දේපල රැසකට හානි සිදුවී ඇතැයි දිවුලපිටිය පොලිසිය පවසයි.

පිරිසක් පක්ෂ කාර්යාලයේ රැදී සිටියදී කඩා වැදුනු මෙම පුද්ගලයා එහි සිටි පිරිසට පහරදෙද්දී කිහිප දෙනෙකු බේරි පලාගොස් ඇති අතර එම පිරිස පලා යද්දී සිදුකළ ප‍්‍රහාරයෙන් පරිගණක දෙකක්, විදුලි පංකා දෙකක්, පුටු තුනක් ඇතුලූ දේපල රැසකට හානි සිදුව ඇතැයිද මේ සම්බන්ධව දිවුලපිටිය පොලිසියට කළ පැමිනිල්ලේ සදහන්වේ.

පහරකෑමට ලක්වූ එක් පුද්ගලයකු දිවුලපිටිය දිසා රෝහලට ඇතුලත් කර ඇත. නියෝජ්‍ය ඇමතිවරයා මරදගහමුල මෙම කාර්යාල ආරම්භ කරනු ලද්දේ දින කිහිපයකට පෙරදීය.

ඊට පෙර කාර්යාලය පවත්වාගෙන ගියේ දූනගහ නගරයේ වන අතර එහිදී පිරිසක් පාක්ෂිකයකුට පහරදීමේ සිද්ධියකින් පසු ඇතිවූ තත්ත්වය මත කාර්යාලය දූනගහ නගරයෙන් ඉවත් කරනු ලැබීය.

ඊයේ 24 පහරදීමට පැමිණ ඇති දේශපාලනඥයා කලක් තිස්සේ ප‍්‍රාදේශීය සභාව නියෝජනය කල මන්තී‍්‍රවරයකු හා විපක්ෂ නායකවරයකු ලෙස කටයුතු කර ඇති බව මූලික පොලිස් පරීක්ෂනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය සදහන් කරයි.

සිද්ධිය වන අවස්ථාිවේ නියෝජ්‍ය ඇමතිවරයා කාර්යාලයේ සිට නැති අතර සිදුවූ දේපල හානිය ගනනය කර නොමැත.

අයුතු ඇතුල්වීම, අනර්ථය සිදු කිරීම හා පහරදීම යන චෝදනා යටතේ හිටපු මන්ති‍්‍රවරයා අත්අඩංගුවට ගැනීමට නියමිතය.

දිවුලපිටිය වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් පේ‍්‍රමකුමාරගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site