Home News Breaking “මකුණන්” නිසා කාර්යාල දුම්රියක් අවලංගු කරයි

“මකුණන්” නිසා කාර්යාල දුම්රියක් අවලංගු කරයි

213 views
SHARE

දුම්රිය නියාමකවරුන්ගේ විවේකාගාරයේ මකුණන් නිසා තමන්ට පෙරේදා (23) රාත්‍රියේ නින්ද නොගිය බව පවසමින් දුම්රිය නියාමකවරුන් දෙදෙනකු සේවයට වාර්තා කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඊයේ (24) අලුයම 5.30ට පොල්ගහවෙල සිට රත්මලාන දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ අංක 535 දරන කාර්යාල දුම්රිය ධාවනය අවලංගු කර තිබෙනවා.

සඳුදා දින වැඩි මඟීන් පිරිසක් ගමන් ගන්නා මෙම දුම්රියේ දිනපතා මඟීන් දෙදහසක පමණ පිරිසක් ගමන් ගන්නා බව පොල්ගහවෙල දුම්රිය ස්ථානය පවසනවා.

පෙරේදා රාත්‍රියේ කොළඹ සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ මෙම දුම්රිය ඊයේ උදේ ධාවනය කරන තෙක් දූම්රිය නියාමකවරුන් දෙදෙනා පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ විවේකාගාරයේ විවේක ගෙන තිබෙනවා.

පසුව ඊයේ උදේ මොවුන් දෙදෙනා පැමිණ එදින රාත්‍රියේ විවේකාගාරයේ ඇඳේ මකුණන් සිටි නිසා ඔවුන්ට නිදා ගැනීමට නොහැකි වූ බවත් එම නිසා තව දුරටත් නිදා ගැනීමට අවශ්‍ය බවත් පවසා දුම්රිය ධාවනය කිරීමට නොහැකි බව පොල්ගහවෙල ප්‍රධාන දුම්රිය ස්ථානාධිපතිවරයාට කියා තිබෙනවා.

ඒ අවස්ථාවේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ ප්‍රධාන ස්ථානාධිපතිවරයා වන ලියනගේ, මෙම දුම්රිය අවලංගු කිරීම නිසා දිනපතා පොල්ගහවෙල සිට රත්මලාන දක්වා රැකියාවට යන දහස් ගණනකට සහ වෙනත් මගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත් වෙන බව පෙන්වා දුන්නත් මෙම දුම්රිය නියාමකවරුන් දුම්රිය ධාවනය කිරීමට කිසිසේත් නොහැකි බවයි ප්‍රකාශ කර තිබෙන්නේ.

ඊයේ මෙම දුම්රිය අවලංගුවීම නිසා මෙහි දිනපතා ගමන් කිරීමට එන අතිවශාල මගින් පිරිසක් දැඩි අපහසු තත්ත්වයකට පත්ව සිටි අතර ඊ‍ට පසු ධාවනය වූ දුම්රියවල ද වෙනදාට නොවූ තදබදයක් පවතී බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site