Home News Politics සයිටම් සම්බන්ධව ජනපති නිහඬ අතිජාත මිත‍්‍රයා රාජිත රකින්නද ?

සයිටම් සම්බන්ධව ජනපති නිහඬ අතිජාත මිත‍්‍රයා රාජිත රකින්නද ?

251 views
SHARE

සයිටම්හි ප්‍රධාන විධායක නිලධාරිවරයාට වෙඩිතැබීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකොට හෙළිදරව් නොකරන තාක්කල් මෙම සිදුවීමට ආණ්ඩුව සම්බන්ධ බවට සාධාරණ සැකයක් මතුවීම වැළැක්වීමට නොහැකි බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ආණ්ඩුවේ රැකවරණය ලබන හස්තයක් නොමැති නම් මෙය හෙළිදරව් කළ යුතුව ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද (08) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

එහිදී ඔහු මෙසේද සඳහන් කළා.

“අපේ පොලීසිය ඕනෑම අපරාධයක් හොයාගන්න පුළුවන් තරම් දක්‍ෂ පොලීසියක්. පොලීසියට සොයාගත නොහැකි සිදුවීම් පිටුපස ආණ්ඩුව හිටියා. ඒ නිසා තමයි එක්නැලිගොඩ ඝාතනය, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, තාජුඞීන් ඝාතනය වැනි ක‍්‍රියාවල වගඋත්තරකරුවන් සොයාගැනීමට නොහැකි වී තිබෙන්නේ. එයින් පැහැදිලි වෙනවා ආණ්ඩුවේ රැකවරණය එම සිදුවීම්වලට තිබෙන බව. ඒ නිසා මෙම වෙඩි තැබීම පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් ආණ්ඩුව විසින් සිදුකළ යුතු බව අපි අවධාරණය කරනවා.

මෙම සයිටම් ආයතනය ඉතාම වංචනික ආයතනයක්. එහි ඉතිහාසය ගත්තාම ආයතනය පිහිටුවීම වෛද්‍ය පීඨය ආරම්භ කිරීම, රුසියාවේ විශ්වවිද්‍යාලයක් සමඟ ඒකාබද්ධ යැයි ප‍්‍රකාශ කිරීම යන සිදුවීම්වලදී ඉතාම තක්කඩි වංචාවලින් පිරිලා තිබෙනවා. තාජුඞීන් ඝාතනයට සම්බන්ධ ඇටකටු සයිටම් රෝහලේ තිබිලා හමුවුණා. ඒ තරම් තක්කඩි අමන ක්‍රියාවලට සම්බන්ධ ආයතනයක් තමයි සයිටම් කියන්නේ. එවැනි ඉතිහාසයක් තිබෙන ආයතනයක් විසින් මෙම වෙඩි තැබීමේ ක්‍රියාව නොකළා යැයි හිතන්නට පුළුවන්කමකුත් නැහැ. එම නිසා මෙම වෙඩි තැබීම වෙන දිසාවන්වලට යොමු නොකර ඒ සම්බන්ධව පුළුල් පරීක්‍ෂණයක් කළ යුතුයි.

සයිටම් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ සමීර සේනාරත්න වෛද්‍යවරයෙක් නොවෙයි ඔහු රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනයට ගොස් අසමත් වුණු පුද්ගලයෙක්. ඔහුගේ වාහනයේ වෛද්‍ය ලාංඡනය ප‍්‍රදර්ශනය කරන්නේ කොහොමද කියලා ගැටළුවක් තිබෙනවා. මෙම සයිටම් ආයතනයේ අයිතිකරු, ප‍්‍රධාන මහාචාර්යවරයා, විධායක නිලධාරියා වංචනිකයින් ලෙස කටයුතු කරනවා. නඩු තීන්දුවලට අදාළ ඇටකටු ගබඩා කර තිබෙනවා. එනිසා මෙය ඉතාම වංචනික ආයතනයක්.

මෛත්‍රීපාල සිරිසේන රටේ ජනාධිපතිවරයා, හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සයිටම් ආයතනයට ළමුන් ඇතුලත් කිරීමට විරෝධය පළකරමින් තමන් විසින් ලබාදුන් නිර්දේශ, තීරණ නැවත මතක් නොකර සිටීමේ අරමුණ මොකක්ද? ජනාධිපතිවරයා වහාම මෙම ශිෂ්‍ය මර්දනය පිළිබඳව, සයිටම් ආයතනය පිළිබඳව රටට ප‍්‍රකාශයක් කළ යුතුයි. නිහඬ ගොළු ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින්නේ, තමන්ගේ අතිජාත මිත‍්‍රයා ආරක්‍ෂා කරන්නද? ලොතරැයි මිල වැඩිවූ අවස්ථාවේදී ඔහු ඒ පිළිබඳ ප‍්‍රකාශයක් කළා. ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු නාවික හමුදාපතිවරු අල්ලස් කොමිසම මගින් අධිකරණයට ඉදිරිපත් කළ වෙලාවේ ජනාධිපතිවරයා එයට මැදිහත් වී ප‍්‍රකාශයක් කළා. එෆ්.සී.අයි.ඞී. ආයතනයට හමුදා නිලධාරීන් කැඳවන විට ප‍්‍රකාශයක් කළා. එවැනි සියලූම සිදුවීම්වලදී අදහස් දක්වන ජනාධිපතිවරයා ඔහු හමුවීමට එන උද්ඝෝෂණවලට පහර දෙන්නේ තමන්ගේ අතිජාත මිත‍්‍රයා වන රාජිත සේනාරත්න ආරක්‍ෂා කිරීමටද?

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site