Home News Breaking “අප්පච්චි නැති කඳවුරක මට තනතුරු දරන්න බෑ.”

“අප්පච්චි නැති කඳවුරක මට තනතුරු දරන්න බෑ.”

218 views
SHARE

අප්පච්චි නැති කඳවුරක හෘද සාක්ෂියට එකඟව තනතුරක් දැරිය නොහැකි නිසා තමා මධ්‍යම පළාත් සභාවේ යෞවන කටයුතු ඇමතිධුරයෙන් ඉල්ලා අස්වූ බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කරනවා.

ඔහු සිය පළාත් සභා අමාත්‍යධූරයෙන් ඉවත් වීමෙන් පසුව අදහස් දක්වමින් මෙසේද කියා සිටියා.

“අප්පච්චි නැති කඳවුරක මට හෘද සාක්ෂියට එකඟව තනතුරක් දරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මම තීන්දු කළා හෘද සාක්ෂියට එකඟ වෙන්න”

“අද යුගයේ දේශපාලනඥයින් ඡන්දවලින් පැරදිලා ඇවිත් තනතුරු බදාගන්න යුගයක්. හැබැයි මම වැඩිම මනාප අරගෙන වැඩිම ප්‍රසාදය අරගෙන ආපු කෙනෙක්. මම පක්ෂයට මෙන්ම ජනතාවට අලුත් පණිවිඩයක් දෙන්න මේ තීරණය ගත්තේ. මගේ තනතුරට හෙට කවුරුහරි පත්කරයි.”

“මම අප්පච්චි වෙනුවෙන් සටනක් ආරම්භ කළා. දුමින්ද දිසානායකට අයිතියක් තියෙනවා නම් බර්ටි ප්‍රේමලාල් වෙනුවෙන් සටන් කරන්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍රට පුළුවන් නම් භාරත ලක්ෂ්මන් වෙනුවෙන් සටන් කරන්න මගේ සටනත් සාධාරණයි.” ඔහු වැඩි දුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site