Home News Breaking බාල වයස්කාර දැරියකට රැකබලා ගත් මාමා විසින් අතවර කරයි

බාල වයස්කාර දැරියකට රැකබලා ගත් මාමා විසින් අතවර කරයි

764 views
SHARE

මුන්දලම – පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේදී බාල වයස්කාර දැරියකට ලිංගික අතවර සිදු කළ බව කියන ඇයගේම මාමා මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතවරයට පත්ව ඇත්තේ වයස අවුරුදු 13 ක් වන බාල වයස්කාර පාසල් සිසුවියක්.

දැරිවියගේ මව රැකියාවක් සඳහා විදේශ ගතවී සිටින අතර දැරියව රැක බලාගෙන ඇත්තේ ඇයගේ නැන්දණිය විසින් බවයි පොලීසිය කරන ලද විමර්ශන වලදී අනාවරණය වී තිබෙන්නේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මුන්දලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ඒකනායක, උප පොලිස් පරීක්ෂක සරත් යන අය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site