Home News Breaking මීතොටමුල්ල පදිංචිකරුවන් 65කට තවත් නිවාස

මීතොටමුල්ල පදිංචිකරුවන් 65කට තවත් නිවාස

155 views
SHARE

මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමෙන් අහිමි වු නිවාස 65ක පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවාස ලබාදීම ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන අතින් ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදි ඊයේ සිදු කෙරුනා.

නිවාස හිමියන්ට ගෘහ භාණ්ඩ මිලදී ගැනිම සදහා එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් ලබා දෙනු ඇති.

අහිමි වු නිවාසවල තක්සේරු කටයුතු සිදු කිරිමෙන් පසු වැඩි වටිනාකමක් පවතින්නේ නම් නිවාසවලට අමතරව එම පවුල් වෙත මුදල් ලබාදිමටද නියමිතයි.

මෙහි පළමු අදියර යටතේ නිවාස ලබා ගැනිමට කැමැත්ත පළ කල පවුල් 30 ක් වෙනුවෙන් නිවාස ලබාදීමද පසුගියදා සිදු කෙරුනා.

මෙම නිවාස වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ 3920ක මුදලක් වැය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site