Home News Politics හනුමන්තා වෙලා මහින්ද මුළු රටම ගිනි තියනවා

හනුමන්තා වෙලා මහින්ද මුළු රටම ගිනි තියනවා

214 views
SHARE

හිටපු ජනාධිපති තුමා විසින් නිදහස් දිනය මුල් කර ගනිමින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය පිළිබඳ අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන් පවසා සිටියේ 70 වන නිදහස් දිනය සැමරීමට රටක් තිබේද යන්න ගැටලුවක් වී ඇතැයි මහින්ද රාජපක්ෂ පැවසීම තරයේ හෙළා දකින බවයි.

විධායක ජනාධිපතිවරයෙක් වශයෙන් පාලන අවධි දෙකක කාලය කළ එතුමා මෙවැනි ප‍්‍රකාශ නිකුත් කරමින් ජනතාව කලබලයට පත් කරන නායකයෙක් වීමෙන් හනුමන්තා බවට පත් ව ඇතැයි අද පැවති මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමින් මන්ත‍්‍රීවරයා පැවසීය. මෙවැනි ජාතිවාදි ප‍්‍රකාශ නිකුත් කරමින් කුඩා රැස්වීම් පවත්වමින් කෝවිල්, පන්සල් වදිමින් මහින්ද රාජපක්ෂ සිදු කරන දේශපාලන හැසිරීම රටේ අවාසනාවක් බව ද රහුමාන් මන්ත‍්‍රීවරයා පැවසීය.

එමෙන්ම මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කළ නමුත් රට තුළ සාමය, සංහිඳියාව ඇති කිරීමට නොහැකි වූ බවත් ඒ වෙනුවට ප‍්‍රතිවරුද්ධව ජාතිවාදය ඇති කළ බව ද මෙහිදී අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ ය.

ජාතික ආණ්ඩුවක් වශයෙන් පක්‍ෂ දෙකේ මන්ත‍්‍රීවරුන් රට ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය සියලු කටයුතු ඉදිරියට ද පවත්වා ගෙන යන බව එතුමා වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site