Home News Breaking කොළඹ කුණු මුතුරාජවෙලට

කොළඹ කුණු මුතුරාජවෙලට

200 views
SHARE

කොළඹ මහා නගර සභාවේ කසළ බැහැර කිරීම සඳහා මුතුරාජවෙල ප්‍රදේශයේ සනීපාරක්ෂක කසළ රැඳවුමක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ සඳහා දැනටමත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය හා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටවුක් රජය විසින් පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කසළ කළමනාකරණ පර්යේෂණ ඒකකය විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උස්වැටකෙයියාව, මුතුරාජවෙල ප්‍රදේශයේ රජයට අයත් අක්කර 05ක භූමි ප්‍රමාණයක් තුළ දිනකට කසළ මෙට්‍රික් ‍ටොන් 400ක් පමණ කළමනාකරණය කළ හැකි සනීපාරක්ෂක කසළ රඳවනයක් ස්ථාපිත කිරීමට එම කමිටුව විසින් නිර්දේශ කර තිබෙනවා.

මේ අතර මහනුවර, ගොහාගොඩ අපද්‍රව්‍ය බැහැරලන ස්ථානය ආශ්‍රිතව ඝන අපද්‍රව්‍ය මඟින් කොම්පෝස්ට් පොහොර සහ විදුලිබලය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site