Home News International චීනයේ රසායනික කම්හලක් පුපුරයි

චීනයේ රසායනික කම්හලක් පුපුරයි

245 views
SHARE

චීනයේ රසායන ද්‍රව්‍ය කම්හලක සිදු වූ පිපිරීමකින් එහි ගොඩනැගිලි කිහිපයකට දැඩි හානි සිදුව තිබෙනවා.

චීනයේ අන්හුයි පළාතේ පිහිටි කර්මාන්ත ශාලාවකයි මෙම පිපිරීම සිදුව තිබෙන්නේ. ඉන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබුවා.

පිපිරීමෙන් පසු කර්මාන්ත ශාලාව පිහිටි ප්‍රදේශය තැඹිලි වර්ණයෙන් යුත් දුමාරයකින් වැසී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ගිනි නිවන භටයින් ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමට කටයුතු කළ අතර පසුගිය කාලය තුළ ද චීනයේ පිහිටි රසායනික කම්හල් කිහිපයක මෙවැනි පිපිරීම් වාර්තා වු බව සඳහන්.

පසුගිය වසරේ ටියැන්ජින් ප්‍රදේශයේ කම්හලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් එකසිය හැට පස් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා.