Home News Breaking පර්පෙචුවල් ට්‍රෙෂරිස් අධික ලාභ ලබා ඇත්තේ කූට ක්‍රමයකින් බව හිටපු නි. මහ...

පර්පෙචුවල් ට්‍රෙෂරිස් අධික ලාභ ලබා ඇත්තේ කූට ක්‍රමයකින් බව හිටපු නි. මහ බැංකු අධිපති කියයි

143 views
SHARE

රාජ්‍ය සුරැකුම්පත් කූ‍ට ලෙස ගනුදෙනු කිරීම පිළිබඳව බැඳුම්කර පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටුප නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ඩබ්ලිව්.ඒ. විජේවර්ධන ඊයේ දෙවන දිනටත් කොමිසම හමු‍වේ සාක්ෂි ලබා දුන්නේ ය.

එහිදී ඔහු පැවසුවේ, රාජ්‍ය සුරැකුම්පත් සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වයට මූලික හේතුවක් වන්නේ, මූල්‍ය මණ්ඩල නිලධාරීන්ගේ අලස ආකල්ප බව යි.

දැනට පවතින මුදල් පනත ද සංශෝධනය කළ යුතු බව ද වි‍ජේවර්ධන මෙහිදී පෙන්වා දුන්නේ ය.

මහ බැංකුව සඳහා අධිපතිවරයෙකු පත් කරන්නේ නම් ඔහුට විරුද්ධව කිසිදු චෝදනාවක් නොතිබිය යුතු බව ත්, අධිපතිවරයෙකු විශ්‍රාම ගන්නේ නම් වසරකට පෙර ඔහු වෙනුවෙන් පත්වන අනුප්‍රාප්තිකයා තේරීම ආරම්භ කළ යුතු බව ත් විජේවර්ධන මෙහිදී ප්‍රකාශ කළේ ය.

සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් විජේවර්ධන පැවසුවේ, අරමුදලේ පරිපාලන ව්‍යුහය නැවත සමීක්ෂණය කළ යුතු බව ය.

තම හැඟීමට අනුව 2015 වසරේදී පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම ලාභය අත්කරගෙන ඇත්තේ, කූට ක්‍රමයකින් බව ත් ඒ ලාභ ඉපයු උපායමාර්ග පිළිබඳව විමර්ශනයක් කළ යුතු බව ත් විජේවර්ධන මෙහිදී ප්‍රකාශ කළේ ය.

නීතිඥ හර්ෂ ප්‍රනාන්දු ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිතුරු දුන් වි‍ජේවර්ධන පෙන්වා දුන්නේ, රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කිරීමේදී වෙන්දෙසි ක්‍රමය හා සෘජු විකුණුම් යන ‍ක්‍රම දෙකෙහි සංයෝගයක් තිබිය යුතු බව ය.

සෘජු විකුණුම් තුළින් වෙන්දේසි ක්‍රමය තවදුරටත් ශක්තිමත් වන බව ද වි‍‍ජේවර්ධන පෙන්වා දුන්නේ ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site